2020 අගෝස්තු 29 වන සෙනසුරාදා

වලි ඇරුඹේ

 2020 අගෝස්තු 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1126

ඔන්න ගෝරි පටන් අරන්... මේ පාර කැබිනට්ටුව පත්කොරද්දී කැබිනට් ඇමැතිලයි රාජ්‍ය ඇමැතිලයි අතරෙ ගෝරි වළක්වන්න කියලා දෙගොල්ලටම වෙන වෙනම විෂයන් ගැසට් කළා...

ඒ ගැසට් පත්තරේ හැටියට අරයගෙ විෂයට මෙයාටත් මෙයාගෙ විෂයට එයාටත් හොම්බ දාන්න බැහැ.
ඒ වුණත් දැන් ආයෙම ඔය පරණ සෙල්ලම පටන් අරන්...

මේ කතාව අපට ඇහෙන්නෙ වැඩ කරන පන්තිය බාරව තියෙන අමාත්‍යංශයක් පැත්තෙනුයි... මේකෙ බලධාරියා කවුන්සිලේ හුඟක් වැඩවලට නම් දරාපු ජ්‍යෙෂ්ඨ පොරක්. හැබැයි කාලයක් යහපාලනේ ඉඳල අතරමඟදි ඊයෙ පෙරේදා පොහොට්ටුවට පාත්වෙච්ච පොරක්...

මේක බාර කැබිනට් පොරට ඔය විෂයම දුන්නෙත් විශේෂ හේතු ඇතිව... ඒ වගේම ඒකට තරමක් සම්බන්ධ රාජ්‍ය ඇමැති කෙනකුත් පත් කළා. උන්නැහේ පොහොට්ටුව වෙනුවෙන් දරදිය ඇදල යහපාලන කාලෙ උසාවි පොලිසි ගිය හිටපු කැබිනට් සයිස් මහත්තයෙක්...

එයාට තමයි බාරවුණේ පිටරටවල වැඩ කරන පන්තිය... ඒකට අයිති ආයතන එහෙමත් තියෙනවා හොඳ තැනක. ඒ විෂය එයාටම ගැසට් කරලා පැවරුවෙ වෙන අය හොට දාන එක වළක්වන්නමයි.

ඒත් අනේ වුණේ වෙන දෙයක්. අර යහපාලනේ ඉඳල අන්තිමට පොහොට්ටුවට පාත්වුණු කැබිනට් ලොක්කා රාජ්‍ය ඇමැති උන්නැහේට අයිති ආයතනයකට ගිහිල්ල එයා එතන වැඩ්ඩ වෙන්න වැඩ පෙන්වලා... තව හුඟක් දේවල් කරලලු...

කොහොමහරි වැඩේ ඉවසන් ඉඳපු රාජ්‍ය මට්ටමේ ඇමැති තැන මේ ගැන ඉහළටම පැමිණිලි කළා...

ඊටපස්සේ ඉහළින් මේ වගේ ජරමර කරන අයට කරන්න ඕන දේ ගැන නියම උපදෙසක් ලැබුණා... එහෙම කරලත් වැඩේ කම්මුතු නොවුණොත් ඊළඟ සංශෝධනයේදි කරන දේත් කියලලු... දැන් බලමු මොකද වෙන්නෙ කියලා...

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00