2020 මාර්තු 07 වන සෙනසුරාදා

උකුසු ටෝක් එකේ ප්‍රතිඵල

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 1220

හිටපු ලොකු තැනගෙ ‘උකුසු’ කතාවට වැඩියෙන්ම අප්සෙට් වෙලා ඉන්නෙ අත පාටියෙ කස්ටියලු...

තමන් නිසි වෙලාවට අවශ්‍ය තැනට උකුසු ප්‍රහාරයක් එල්ල කරන බව හිටපු ලොකු තැන කිව්වම ඒකෙන් පහර වැදුණෙ පොහොට්ටුවෙනුත් මනාප ටිකක් ඉල්ලගෙන දියවන්නා කවුන්සිලේට සැට්වෙන්න හිටපු අත පාටියෙම දෙතුන් දෙනකුටලු.

ඒ අය දැන් අත පාටිය නියෝජනේ කරමින් පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න සූදානම්... තමන්ගෙ පක්ෂයෙ ඡන්දවලින්ම කවුන්සිලේට සලුවෙන්න බැරි නිසා මෙයාල හිටියෙ දෙලොවක් අතර. එහෙම ඉන්නකොට හිටපු ලොකු තැන පුලතිසිපුරේ දි කරපු ‘උකුසු ප්‍රහාර’ කතාව හින්ද වැනෙමින් තිබුණු මනාප ටිකටත් තට්ටු වුණාලු...

මේ විදියට මනාප කේස් එකට බරපතළම විදියට අප්සෙට් ගහල ඉන්න තුන් දෙනෙක් ඉන්නවලු. ඒ තුන්දෙනාම මනාප සටනෙ දි වැට උඩලු ඉන්නෙ. මෙයින් බරපතළම අකරතැබ්බය සිදුවෙන්නෙ කොළඹින් සටනට එන ක්‍රීඩාවටත් බර පොරකටලු...

ඊළඟට අලගිය තැන් මුලගිය තැන් දන්න බස්නාහිර පළාතෙම තවත් කෙනෙක් ඉන්නවලු... ඒ වගේම දේශපාලන සුප් එකට සියඹලා එක් කරන්න පුළුවන් සබරගමු පළාතෙ පොරකුත් ඒ බෝට්ටුවෙමලු...

එයාල සටනින් ගොඩ එන්න හදනකොට ‘උකුසු ටෝක්’ එක නිසා තියෙන මනාපෙත් චකබ්ලාස් වුණා කියල මේ දෙතුන් දෙනාට මලම පැනලලු ඉන්නෙ.

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00