2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

ඉදිරි ඡන්ද ප්‍රතිඵලයක්

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 1742

කොළඹ ලොකු නිල නිවසක අත පාටියෙ ලොකු ලොක්කන් කිහිප දෙනෙක්ගෙ කතාවක්. ආණ්ඩුකාරවරු දෙතුන් දෙනෙක් පක්ෂයේ ඉහළ තනතුරැ දරන දෙතුන් දෙනෙක් වගේම තනතුරු නොදරන ජ්‍යෙෂ්ඨයො කිහිප දෙනෙකුත් එතන හිටිය.
අනාගත කටයුතු ගැන සමාලෝචනයක් කරමින් ඒ අය කතාව පටන් ගත්තා....

මේ කතාබහ යද්දි අත පාටියෙ ඉහළම පට්ටමක් දරන රජරට දුමී වැඩි සද්ද බද්දයක් නැතුව නිහඬව ඉන්න බවයි පෙනුණෙ...

සවන් දෙන්නාගෙ භූමිකාව කරපු දුමී කල්පනා බරව ඉන්නකොට එතන හිටපු අය එයාටත් අදහස් දක්වන්න ආරාධනා කළා...

කියන්න තරම් ලොකු දෙයක් නැහැ. ඒත් මට එක දෙයක් පේනවා... ඉදිරි මහ මැතිවරණය ගැන.... කියලා දුමී කතාව නැවැත්තුවා....

නැහැ නැහැ කියන්න කියන්න හැමෝම දුමීට ආරාධනා කරන්න ගත්තා.

එහෙනම් අහගන්න. ඉදිරි මහ මැතිවරණයේදී අපේ පක්ෂයට ලැබෙන්නෙ මන්ත්‍රී ධුර 5යි... අපි පහට බහිනව.... ඒකයි මගේ අනාවැකිය.... දුමී කිව්ව....

හැමෝම තුෂ්නිම්භූතව වටපිට බලන්න ගත්තා.

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30