2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

ගෝඨාගෙන් පණිවුඩයක්

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 1540

මහපුටු තරගයේ නාමයෝජනා දවසෙ පොහොට්ටුවේ අපේක්ෂක ගෝඨට එක්තරා පරණ මිතුරෙක් මුණගැහුණා... එයා ඇවිත් හිටියෙත් ඡන්ද අපේක්ෂකයකුගෙ උදව්වට වගෙයි පෙනුණෙ...

කලකට පස්සෙ ගෝඨා දැකපු මෙයා චකිතයෙන් වගේ පැත්තකින් හිටියා.. ඒකට හේතුව එයා මේ ආණ්ඩුවෙ කෙරැම්කාරයකු වන ෆොනිගෙ හොඳම ගෝලය වූ නිසයි... කාලයක් හමුදා සේවයේ ඉඳල ඉහළ තනතුරක් දැරූ මේ ෆොනීගෙ ගෝලයා එකල මෙකල වෙනකොට ඔහු තමන් ළඟට කැඳවූ ගෝඨා එයා එක්ක ආ ගිය තොරතුරු කතා කළේ අතීතය අමතක කරමින්...

මේ කතාව විනාඩි තුන හතරකට සීමා වුණත් ඒ කතාවෙදි ගෝඨා ඉතා වැදගත් දේශපාලන පණිවුඩයක් ෆොනීගෙ මිතුරට දුන් බව තතු දත් අය කියනවා...

ඒත් ඒ කිව්ව දේ මොකද්ද කියලා දන්නෙ ෆොනීගෙ ගෝලයත් ගෝඨත් පමණයි. කොහොම හරි ගෝඨගෙ රහස් පණිවුඩය රුගත් ෆොනීගෙ ගෝලය ෆොනී හමුවෙන්න ගිහින් තමන්ට කියූ දේ දන්වමින් සතරකන් මන්ත්‍රණයක යෙදුණලු.
ඒත් ෆොනී කරන්න යන්නෙ කුමක්දැයි තවමත් දන්නෙ නැහැ. නමුත් දැන් ෆොනී ඉන්නෙ උණුවතුරෙ හින්ද එයා කරන දේ අද හෙටම බලාගන්න පුළුවන්...

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30