2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

උන්නැහේ නිරුවතින්!

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 1376

පොහොට්ටුවෙ ලොක්කො කස්ටියකගෙ ලොකු සාකච්ඡාවක් තිබුණා. මේක පැවැතුණේ ඊයෙ පෙරේදා හැන්දෑවක මැදමුලනෙ පැවති යෝ: රාජපක්ෂගෙ හෝම් කමිං උත්සවයෙදි...

මේ පාර මහපුටු සටන දිනාගන්න කළ යුතු දේ ගැනත් නොකළ යුතු දේ ගැනත් පොහොට්ටුවෙ නිර්මාතෘ උන්නැහේ තමන් එක්ක හිටපු පිරිසට ප්‍රායෝගිකව කරුණු කියන්න පටන් ගත්තා. මෙහෙම පෙර සිදු වූ වැරදි ගණනාවක් සිද්ධියෙන් සිද්ධිය මතක් කළා...

දැන් බලන්න 2015 දි අහවල් දිස්ත්‍රික්කෙ (රජරට පළාතෙ දිස්ත්‍රික්කයක නමක් කියයි) අපි දිනන ආසන ගණනාවක් පරාජය වුණා. දන්නවද ඒකට ඇත්තව හේතුව? බොහොම පොඩි දෙයක්... ඒ පළාතෙ ඡන්ද ප්‍රචාරයට ගිය අපේ ඇමැති සයිස් උන්නැහේ කෙනෙක් දවසක් හැන්දෑවෙ දෙකක් දාලා හොඳට සූර් වෙලා... පළාතෙ මිනිස්සු නාන්න එන ප්‍රසිද්ධ ගඟකට බැහැල අමු හෙලුවෙන් නාන්න පටන් ගත්තා. ගඟට නාන්න ආපු මිනිස්සු ගෑනු උදවිය මේක දැකල බැණ බැණ හැරිලා ගියා. කතාව පළාතෙ පැතිරැණේ හරියට සැල්වීනියා පැතිරෙනව වගෙයි... අපේ ආණ්ඩුවත් පක්ෂයත් ඒකෙන් නැති වුණා. ඡන්දෙත් පැරදුණා... ඒ හින්ද මේ පාර ඔය කවුරැවත් ඒ වගේ ගොන් වැඩ අමන වැඩ කරන්න එපා... පොහොට්ටුවෙ නිර්මාතෘ හොඳ උපදෙසක් දුන්නා...

ඊටපස්සෙ එතන හිටපු හැමෝම එයාගෙන් ප්‍රශ්න කළේ එදා එහෙම හෙලුවෙන් නාපු ඇමැති ගැනයි... ඒත් උන්නැහේ ඒකට උත්තර නොදී &නම නම් කියන්න බැහැ. එයා මේ පළාතෙ කෙනෙක්. රාජකීය පෙළපතක බඩුවක්* කියමින් එතනින් යන්න ගියා...

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30