2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

අත්සන් කිරිල්ල

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 623

අලි පාටියෙ පුංචි දාස උන්නැහේ මහ පුටු සටනෙ අපේක්ෂකය කරන්න ඕනය කියල එයාගෙ හිතවාදීන් ලියුමක් අත්සන් කරන්න ගත්ත කියමුකො.

පක්ෂයේ ඉදිරිපෙළ පසුපෙළ මන්තිරි ඇමැති ගොල්ල ඒකට අත්සන් කරන්න පටන් අරන් හිතවත් හැමෝටම වගේ ඉක්මනින් ඇවිත් ලියුමට අත්සන ගහන්න කියල ඉල්ලීමක් කළා.

ඊටපස්සෙ එක එක්කෙනා ඇවිත් අත්සන් කළා.... ඔය අතරෙ කොළඹ නගරෙන් පත්වෙච්ච එක්තරා මන්තිරි සයිස් පොරක් ඇවිල්ල එතෙක් අත්සන් කරල තිබුණ මන්තිරි ගොල්ලගෙ නම් ලැයිස්තුව එහෙම හොඳට පරීක්ෂා කරල අන්තිමට තමන්ගෙ අත්සන යොදල යන්න ගියා....

අනාගත උප ඇමැති සිහිනයක පැටලිලා ඉන්න මේ මන්තිරි තැන අත්සන් කිරීමෙන් පස්සෙ කෙළින්ම ගියේ එක්තරා මන්දිරයකටලු... එතන ගිහිල්ල සයකන් මන්ත්‍රණයකට සහභාගි වුණ උන්නැහේ වැඩිවෙලා නොසිට යන්න ගියා. නමුත් ඉන්පස්සේ පුංචි දාස අපේක්ෂකය කරන්න කියල ලියුම් අත්සන් කරපු කිහිප දෙනාට අලි පාටියෙ ලොකුම තැනකින් දුරකතන ඇමැතුම් ලැබෙන්න ගන්න... ඒවයින් කියැවුණෙත් එයාල කරන්න යන දේ ලොකුතැන්වලට රහසක් නොවේ කියලලු.

මේ කතාව අහපු ලියුමට අත්සන ගැසූ මැතිඇමැතිගොල්ලගෙන් කිහිප දෙනෙක් දැන් හැමතැනම ඔත්තුකාරයෝ කියල අන්ඩර් ග්‍රවුන්ඩ් ගියා කියලයි ආරංචි.   

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30