2019 ජුලි 06 වන සෙනසුරාදා

පාර වැරදුණු දෛවඥයා

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 1102

රටේ තිබෙන දේශපාලන හැලහැප්පිලි නිසා මේ දවස්වල ලොකු ලොකු දේශපාලුතුමන්ලා හුඟ දෙනෙක් සාත්තර යාගහෝමවලට පෙළඹිලාලු... ඉතින් ඒ වගේ වැඩකට ටිකක් ඈත පළාතක ඉන්න දක්ෂ දෛවඥයකුට රටේ ලොකුම තැනකින් ආරාධනාවක් ලැබුණා.

එයාට ලැබුණු පණිවුඩෙන් කියැවුණේ අසවල් දවසේ උදේට ඇවිත් නොවැරදීම අදාළ ප්‍රභූවරයා හමුවන්න කියලයි. දෛවඥයා ඉන්නෙ ඈත පළාතක නිසා උන්නැහේ ගමේ ඉඳල කොළඹ එන රාත්‍රී බස් එකේ එන්න සූදානම් වුණා. නිදාගෙනම ගමන යන්න ඕන නිසා බස් එකට නගින්න කලින් එයා සැර දේකින් ඇඟපත රත් කරගෙනයි පිටත් වුණේ.

කොහොමහරි උදේ පාන්දර බස් එක කොළඹට ආවා. යන්න ඕන මැඳුර තියෙන්නෙ කොළඹ 7 නිසා තුම්මුල්ලෙන් බස් එකෙන් බැස්ස දෛවඥයා ත්‍රීවිල් එකක් නවත්තගෙන අහවල්තුමාගෙ ගෙදරට යමු කියල කිව්වා... ඔන්න ඒ පාර ත්‍රිරෝද රථ රියැදුරා ගමන පිටත්වෙලා ඇවිත් කෙළින්ම වාහනේ නතර කළේ විජේරාමෙ තියෙන හිටපු ලොකු තැනගෙ ගේ ඉස්සරහා...

එතන හිටපු ආරක්ෂක කස්ටියට තමන්ගෙ වුවමනාව කිව්වා. ලොකු මහත්තය හමුවන්න ඕන වගත් දැන්නුව... ඒ පාර ආරක්ෂක කුටියට මෙයා අරගෙන චෙක් කරනකොට එතන බිත්තියේ ගහලා තිබුණු හිටපු ලොකු තැනගෙ පින්තූරෙ දැකලා ආ මෙතුමගෙ පින්තූරෙත් ගහගෙන ඉන්නෙ කියලා පුදුමයෙන් වගේ කතා කළා...

ඊළඟට මැඳුර ඇතුළට ගිහිල්ලා දෛවඥතුමා අසුන් අරගත්තෙ තමන්ට එන්න කියාපු ඉහළම බලධාරිය එන තෙක්... ඔන්න විනාඩි කිහිපයක් ගියා. ඊට පස්සෙ ඇතුළු කුටියක ඉඳල එකපාරටම එතෙන්ට ආවෙ හිටපු ලොකු තැන. උන්නැහේ දැකල පුදුම වෙච්ච දෛවඥයා අනේ සර්... සර් නොවේනෙ මට එන්න කීවෙ. අහවලා.. අනේ සමාවෙන්න මට වැරදුණා. මම යන්නම් කියල නැගිට්ටා...

නමුත් ගෙදරට එන ඕන කෙනකුට හොඳට සලකන හිටපු ලොකු තැන එපා එපා කලබල නොවී ඉන්න.. එහාට යන්න කලින් ඔයා දන්න ජ්‍යොතිෂේ හැටියට කියන්න බලන්න මටත් රටේ තත්ත්වය ගැන කියලා ආරාධනාවක් කළා...
ඊට පස්සෙ දෛවඥයා හිටපු ලොකු තැනට අනාවැකි ගණනක් කිව්වා... එහෙම කියලා.. උන්නැහෙත් සුහද සත්කාර ලබල තමන් යන්න ආපු මන්දිරේට පිටත්වෙලා ගියා.

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30