2019 මාර්තු 09 වන සෙනසුරාදා

සභාපති තැනගේ ඉරණම

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 409

ආණ්ඩුවේ වැලිවලට බලපත්තර දෙන කන්තෝරුවක ලොක්කෙකුට ගෙදර යන්න කියලා බලපෑමක් ඇවිල්ලලු... මේකට හේතුව වැලි බලපත්තර කේස් එකක් කියලයි කියැවෙන්නේ.....

හුඟක් ඈත දුෂ්කර පළාතක ගංඟාවක වැලිගොඩ දාන කස්ටියකගේ මිතුරෙකුගෙන්ලු මේ බලපෑම එන්නේ.. බලපෑම් කරන්නේ රටේ ලොකුම පවුලකට සම්බන්ධ උන්නැහේ කෙනෙක් නිසයි ප්‍රශ්නේ.

කොහොමහරි බලපත්තර කන්තෝරුවෙ සභාපති තැන දැන් මේ අවනඩුව ආණ්ඩුවේ බලවත්ම තැනටත් පැමිණිල්ලක් හැටියට ඉදිරිපත් කරලා ඒ පාර එතැනින් උපදෙස් ලැබුණේ ඔය එක එක බලපෑම්වලට යට නොවී වැඩේ හරියට කරන්න කියලයි.

ඒ ගමන බලපත්තර කන්තෝරුවෙ සභාපති ආයෙමත් වැඩ පටන්ගත්තා. ඒ පාර දැන් කස්ටියක් උන්නැහේට අතපය විසි කරන්න ලෑස්ති වෙනවයි කියලා තොරතුරු ලැබෙනවා.... ඒ අතපය විසි කරන්න යන අය කියන්නෙ අපි සභාපති තැනව පන්නනවා කියලලු... මේ කතාව ඇහෙන්නෙ ඈත පළාතක රාජකීය පුරේකින්.

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30