2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

බර බරේ

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 420

රටේ ලොකු මහත්තය ඉදිරි මහ පුටු ඡන්දෙදි අත පාටියෙන් තරගෙට දාන්න ඕනය කියන යෝජනාව රජරට අත පාටි මණ්ඩලේ රැස්වීමේදි සම්මත කරගත්තා...

මේ වැඩේට මුල් වුණේ දිසාවට නායක නම් කරන පවුලේ “දුමී” දුමීගේ යෝජනාව රජරට අත පාටි මණ්ඩලේ සම්මත වෙනකොට එතන පාටියෙ මහලේකම් තැනත් හිටියලු. කොහොමහරි මේ වැඩේ සිද්ධ වුණේ අතයි පොහොට්ටුවයි එක සන්ධානෙකට අරඅඳමින් ඉන්න කොටයි...

ඉතින් දුමී කරපු මේ වැඩේ ගැන අගක් මුලක් නොදැන සිටි උඩරට ඇස්.බීත් ඌවෙ ඩිලානුත් මෙයින් හොඳටම අප්සෙට්වෙලා දෙන්නම හිටියෙ මලපැනලා.

කොහොම නමුත් එදා හැන්දෑ වරුවේ මේ දෙන්න රජරට දුමීට ටැලිෆෝනයෙන් කතා කළා. කතා කරල ඉවරවෙලා මොකද්ද තමුන් මේ කරපු කමකට නැති වැඩේ කියල ඇහුවලු... ඊට පස්සේ දෙන්නම දුමීට මදිය නොකියන්න ලොකුවටම බරබරයක් දැම්ම කියනවා...

බරබරේ කොච්චර සැරට ගියත් දුමී “මීක්” නොකිය අහන් හිටිය... අන්තිමේදි බැණපු දෙන්නටම ඇතිවෙලා බැණිල්ල නැවැත්තුවලු.

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30