2020 ජුලි 18 වන සෙනසුරාදා

ක්‍රිකට් තරුවට බකට් දාන දියවන්නා පැංචෙක්

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 962

මෙරට ක්‍රිකට් ගහලා ලෝක පූජිත වුණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෝක බැංකු ආධාරත් අරන් පාවෙන හෝටලයක් ගහන්න පටන් අරන් ඔය පුංචි රෝමය පැත්තේ. මේකට තව ආයෝජකයොත් ඉන්නවා. වැඩේ හරිත ව්‍යාපෘතියක් නිසා කෝටි ගාණක් යටකරලා තියෙන්නේ. හැබැයි සීයට අසූවක් වගේ ඉවරකරලා තියෙන වැඩේ ඉවර කරන්න බැරිවලු ඉන්නේ. ඒ මේ ආණ්ඩුවේ ගම්පහ පැත්තේ ඉන්න මේ පාර ඡන්දය ඉල්ලන හාදයෙක් නිසා.

පස් එක්ක නම කියවෙන, තවම එකපාරක් පාර්ලිමේන්තු ගිය මේ හාදයා මේ ව්‍යාපෘතිය ඉවර කරලා දෙන්න නම් තමන්වත් සතුටු කරන්න කියල ක්‍රිකට් තරුවට කියලා... තමන්ගෙ අත බර නොවුණොත් වැඩේ කරන්න දෙන්නේ නෑ කියලත් කියලලු තියෙන්නේ. ඒ වුණාට මේ ව්‍යාපෘතිය කරන ආයෝජකයෝ කැමති නෑලු එක එක දේශපාලන පැංචන්ට සතයක්වත් දෙන්න. ඒ නිසා මේ දේශපාලන පොර පොඩි පොඩි යටිකූට්ටු වැඩකරලා ව්‍යාපෘතිය අල කරලලු තියෙන්නේ. එහෙම වුණත් මේ ලෝක පූජිත ක්‍රිකට් තරුවත් පොහොට්ටුව එක්ක ළඟම හිතවත්කම් තියෙන නිසා කොයි වෙලේ හරි මේ වැඩේ රටේ ලොකු තැනගේ කනේ තියන්නලු ලෑස්තිය. තවම මෙයා ඉවසන් ඉන්නේ අන්තිම මොහොතේ හෝ අරයගෙ වස්තු තණ්හාව නැතිවෙයි කියලා...

 

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 අගෝස්තු 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:48