2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

වටමේස කතාවක්

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 830

ආණ්ඩුවෙන් එළියට බැහැපු 15 දෙනාගෙ කණ්ඩායමේ අය ඒකාබද්දෙට වැද්ද ගැනීම ගැන තවමත් අර්බුද තියෙනවලු... හිටපු ලොකුතැනට මේ අර්බුද විසඳීම සඳහා සෑහෙන උත්සාහයක් දරන්න සිද්ධවෙලා බවත් ආරංචියි...

මහනුවරින් ආපු අතපාටියෙ ප්‍රබලයට එල්ල වුණා විරෝධය හිටපු ලොකු තැන සමනය කළත් මාතර ගාල්ල - මාතලේ වගේ තැන්වල විරෝධය ඉවර නැහැ කියලයි කියන්නෙ... මේ විරෝධයට මුල් වී සිටින්නා මෙතෙක් කල් ඒකාබද්දෙ වෙනුවෙන් කට්ට කාපු මන්තිරි ගොල්ල හත් අටදෙනෙක්ලු... උන්නැහේල කියන විදියට බෝට්ටුව ගිලෙන්න යනකොට පැනලා ගිහින් ආණ්ඩුවෙ පට්ටම් ගත්ත උදවිය... දැන් අලුතෙන් හදාපු නැවට ගොඩවෙන්න එන එක ලජ්ජනැති වැඩක්ලු.

ඒත් ඡන්ද දිනාගන්න “දූවිලිත් ඕනෑ” යයි කියන හිටපු ලොකු තැන මේ දිස්තිරික්කවල විරෝධය පාන උදවිය සහ අලුතින් එක්වූ අය කැන්දලා දෙගොල්ලගෙ ප්‍රශ්න වටමේස කතාවකදී විසඳන්න සැට් වෙනව කියල තතු දත් උදවිය කියනව. මාතරටත් වඩා ගාල්ලෙ හා මාතලේ ප්‍රශ්න උග්‍ර නිසාලු මේ කටයුත්ත කරන්න යන්නෙ... එතෙන්දි බොහොම තීරණාත්මක දේ කියැවෙන්න ඉඩ ඇති බවට එක එක කතා පැතිරෙන්න පටන් අරන්...