2018 ජුලි 07 වන සෙනසුරාදා

සභාපති තැනගේ අමුතු කුටිය!

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 750

පසුගිය කාලේ හිටපු උප ඇමති සයිස් මහත්තයෙක් ඡන්ද පැරදිලා ගෙදර ඉන්නකොට ආණ්ඩුවේ සංස්ථාවක සභාපති පට්ටම හම්බවුණා...

ආණ්ඩුවේ වෙළෙඳාම් කරන ආයතනයක් තමයි උන්නැහේට භාර වුණේ.

ඉතින් ඔන්න උන්නැහේ තමුන්ගේ ආයතනේ වැඩට ඇවිත් රාජකාරි පටන්ගත්තා. කලකට පෙර කොපමණ උසස් මට්ටමේ දේශපාලන පට්ටම් දරලා තිබුණත් එයාගේ එක්තරා පුරුද්දක් නවත්තගන්න බැරි වෙලාලු.

මේ පුරුද්ද නිසා උන්නැහේගේ ආයතනේ බොහෝ උසස් නිලධාරීන් නිලධාරිනියන් එයාගේ කාමරේ පැත්තේ රාජකාරි කටයුතුවලට යන්නෙත් නැති තරම්ලු... මේ කතාව දැන් විෂය භාර ඇමැති තැනගේ කනටත් ගිහිල්ලා.

උන්නැහේගේ මේ පුරුද්ද එකක් ඉවරවෙනකොට එකක් දුම්වැටි දැල්වීමලු. ඒ නිසා එයාගේ කාමරේ නිතරම දුම් පිරුණු කුටියක් වගේලු තියෙන්නේ. මේ දුම් කුටියට ගිහිල්ලා නැති ලෙඩ හදාගන්න බැරි නිසා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එතෙන්ට නොයන නිසා සභාපති තැන වායුසමනය කළ කුටියට වෙලා දුම් බිබී ඉන්නවලු.

ඒ නිසා වැදගත් මෙහෙවරක් කරන්න පුළුවන් රාජ්‍ය සංස්ථාව නිකම්ම නිකම් බයිලා සංස්ථාවක් වෙලා කියලා සේවකයන් කියනවා..

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00