2018 ජුනි 16 වන සෙනසුරාදා

උන්නැහේගෙ අමුතු කතාව

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1223

දියවන්නා කවුන්සිලේ මැම්බර් නෝනලගෙ මේස ළඟට ගිහිල්ල අමුතු කතා කියන දේශපාලුතුමෙක් ඉන්නවලු.

මුන්නැහේ මෙහෙම ගියාම කියන්නෙ කවුන්සිලේම ඉන්න පක්ෂ විපක්ෂ සමහරුන්ට සම්බන්ධ අප්‍රකට කතාලු. සෑහෙන ප්‍රසිද්ධ... නළුවෙක් වගේ හැසිරෙන දැනට නියෝජ්‍ය මට්ටමේ ඉන්න මේ දේශපාලුතුමා පසුගිය දවසක හැඩකාර කවුන්සිල් නෝන කෙනෙක් ළඟට ගිහිල්ල විපක්ෂයෙ ඉන්න කැත්තට පොල්ල වගේ කතා කරන කටකාර ලොක්කෙක් ගැන නොයෙක් දේවල් කියන්න ගත්ත බව ආරංචියි.

මෙහෙම කතා කර කර ඉන්න ගමන් වනිතා අඟ පසඟ ගැනත් කතා කරන්න අරන්. එතැන වෙච්ච සැබෑ කතාව මෙහෙම ලියන්නත් බැහැ.

හැබැයි උන්නැහේගෙ කතා ගැන හුඟක් නෝනල සතුටු නැතිලු... සමහරවිට ඉදිරියේදි උන්නැහේගෙ මෙබඳු කතා නවත්තන්න යමක් සිද්ධවෙන්න පුළුවන් බව කවුන්සිල් නෝනලගෙ පැත්තෙන් කියැවෙනව...

දැනටමත් තමන් යම් යම් කාරණා ගැන කියපු කරපු කතා නිසා සෑහෙන තරමෙ අමාරුවක වැටිල ඉන්න මුන්නැහේ වැඩි කල් නොගිහින් කවුන්සිල් නෝනලගෙනුත් පාඩම් ඉගෙන ගනී වගේ පේන්නෙ.