2018 මැයි 19 වන සෙනසුරාදා

ඇමැති පට්ටම් බැහැ

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 848

කේතලෙන් මල්ලක් ගෙනාපු පැත්තෙන් ආපු දැනට උප ඇමැති සයිස් මහත්තයෙක් පසුගිය  දවස්වල රැඩිකල් කතා ගණනාවක්ම ප්‍රකාශ කළා. උන්නැහේ ඉන්න අලි පාටියේ වේදිකාවේ හැටියට තමන්ගේ පළාතටත් ඇමති පට්ටමක් ඕනෑ බවයි එයා දිගින් දිගටම කීවේ. පසුගිය මැයි දවසේ පාටියෙන් තියාපු රැස්වීම වර්ජනය කරන බව උන්නැහේ මාධ්‍යයට කියලා ප්‍රශ්නයකුත් ඇති වුණා.

ඉතින් ඒ පළාතේ ලොකුම දේශපාලන පවුල නිසාත් මේ ප්‍රෙෂර් එක නිසාත් එයාට ඇමැති පට්ටමක් ලැබේවි කියන සිහිනේ බල බලා ඉන්නකොට පක්ෂයේ ලොකුම පට්ටමක් කරන මහත්තයකුගෙන් එයාට කැඳවීමක් ලැබුණා.

ඒ පාර උන්නැහේ බොහෝම බලාපොරොත්තු තියාගෙන තමන් කැඳවපු ලොකු මහත්තයා මුණගැසුණා..

උන්නැහේ දැකපු ගමන් මෙච්චර කල් කරපු ප්‍රකාශ, කරපු වැරදි, අරවා මේවා සැර භාෂාවෙන් මතක් කරලා එයාට කිව්වලු ඔයාට නම් අපි ඇමැති පට්ටමක් දෙන්නේ නැහැ. කියලා. ඒ කතාවෙන් පුදුමයටත් කනස්සල්ලයටත් පත් වුණු උප ඇමැති තැන නළලේ අළු ගාගෙන කේතලෙන් මල්ලක් ගෙනාපු ගමට ගියා කියලයි ආරංචිය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00