2018 මැයි 19 වන සෙනසුරාදා

වෙද මහතා රැකගැනීම

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 552

මේ දවස්වල කාකි සූට් දෙපාර්තමේන්තුවේ පෙරළිකාර වැඩ හරියට සිද්ධ වෙනවා. ඔන්න පසුගියදාකත් ඒ වගේ කටයුත්තක් කෙරුණා. මුදලින් කරපු අපරාධ හොයන අංශෙ ලොක්කා වෙලා හිටපු රවී තුමා තමන්ගේ වයස ගිහිල්ලා විශ්‍රාමෙට පත්වෙන කොට ආණ්ඩුව උන්නැහේට අවුරුද්දක සේවා දිගුවක් දුන්නා. හැබැයි ඒ සේවා දිගුව ලබාගන්න නම් උන්නැහේගේ විශ්‍රාමෙන් පස්සේ මාසයක් ගෙදර ඉඳලා එන්න කියලයි නියෝග ලැබුණේ. එතකන් උන්නැහේ හිටපු තැනට තවත් රවී කෙනෙක් වැඩ බලන්න දැම්මලු..

ඉතින් සාමාන්‍ය පරිදි නම් කෙනෙක් විශ්‍රාම ගන්නකොට සේවා කාලය දික් කරනවා නම් ඒක විශ්‍රාම දිනේ ඉඳලම වෙන්න ඕනේ. ඒත් මේක ඊට වඩා අමුතු වැඩක්. ඊටපස්සේ මේ අමුතු විශ්‍රාම ගැනිල්ලට හේතුව කස්ටිය හොයලා බැලුවා. එතකොට තමයි දැනගන්න හම්බුණේ පොලීසියේ ඉන්න සුප්‍රකට වෙද මහත්තයාගේ ප්‍රමෝෂන් එක දෙන්න මේ තීන්දුව ගත්ත බව.....

කන්ද උඩරට පළාතක් භාරව ඉන්න පොලීසියේ සුප්‍රකට වෙද මහත්තයා තව මාසෙකින් විතර විශ්‍රාමෙට පත්වෙනවලු. ඊට කලින් උන්නැහේට උසස් වීම දෙන්න කියලා උන්නැහේගෙන් ප්‍රතිකාර ගන්න උඩරට ලොකුම ලොකු පන්සලකින් රජයට ඉල්ලීමක් ලැබිලා.. ඒ ඉල්ලීම ඉටු නොකරම බැරි එකක්ලු. ඒ හින්දා මුදල් අපරාධ අංශේ ලොක්කා නියම දිනේට පැන්ෂන් ඇරලා. ඊටපස්සේ වෙද මහත්තයාට ප්‍රමෝෂන් දෙනවලු. ඊටත් පස්සේ වෙද මහත්තයා යනවලු... ඊටත් පස්සේ ආයෙම මුදල් අපරාධ අංශේ හිටපු ලොක්කා ආපසු සේවයේ පිහිටුවනවලු...

බලන්නකෝ වෙද මහත්තයෙක් රැකගන්න ආණ්ඩුවක් කළ දෙහෙදුවක තරම. 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00