2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

අලුත් පාරක් හොයනවා!

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 640

විශ්වාසභංගෙ අව්අස්සෙ දේශපාලන ලකුණු ටිකක් දාගන්න හිතපු ඡන්දෙ කල් දැමීම ගැන නම් දැරෑ නීතිඥ සයිස්, ඇමැති සයිස්, ලොක්කෙක් අත පාටියෙ ඉන්නවා.

උන්නැහේ රටේ ලොකු මහත්තයා හදිස්සියෙම මුණගැහිලා මේ භංගෙ ගොඩදාන්න තමන්ගෙ රුහේ ඉන්න අලි පාටියෙ යාළුවො දෙතුන් දෙනෙක්ගෙ සපෝට් එක අරන් දෙන්නම් කියල ලොකුම මහත්තයට කිව්වා.

ඊටපස්සෙ ඒ ගැන හුඟක් සතුටු වුණ ලොකු මහත්තය එහෙම උදව් ගන්න පුළුවන් දෙතුන් දෙනෙක් වහාම තමන් ළඟට ගේන්න කියලා නියම කළා...

ඊළඟට ලොකු මහත්තයට වූ පොරොන්දුව ඉෂ්ඨ කරන්න එයා තමන්ගෙ රැහේ අය තුන් හතර දෙනකුටම හත් අට පාරක් කතා කළත් ඒ එක්කෙනෙක්වත් ටෙලිෆෝන් එකට ආවෙ නැතිලු... ඒ නිසා මෙයා අප්සෙට් පිට අප්සෙට් එකේ ඉන්න කොට රටේ ලොකු මහත්තයගෙ ඔපිස් එකෙන් කෝල් පිට කෝල් දිදී ගේන්න පොරොන්දු වූ අය වහාම ගේන්න කියලා නියෝගයක් දීලා. එයාලට දෙන්න උත්තරයක් මෙයා ළඟ නැති නිසා කස්ටිය ගේන්න අල්ලෙ මවල පොරොන්දු වුණ ඇමැති තැන එකපාරටම ටෙලිෆෝන් ඕෆ් කරල නිශ්ශබ්ද වුණා කියල ආරංචියි.

මේ හේතුව නිසා අප්සෙට් වුණ ඉහළම මන්දිරේ කස්ටිය මෙයා මීට කලිනුත් ඔය වගේම වැඩ කරලා තියෙනවා කියලා... හොඳවයින් දෙකක් කතා කරන්න බලන් ඉන්නවලු. මේ හුටපටේ නිසා බියට පත්වෙච්ච කස්ටිය ගේන ඇමැති තැන දැන් අලුත් දේශපාලන මාවතක් හොයමින් හොරගල් අහුලන වග තතු දත් අය කියනවා.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00