2018 ජනවාරි 06 වන සෙනසුරාදා

සාක්කි තියනවලු!

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1421

ලංකාවෙ ජනප්‍රියම සෙල්ලම ගැන සාත්තර බලන නෝන කෙනෙක් ළඟට ගිහිල්ල ක්‍රීඩාවෙ අනාගතේ ගැන ඇමැති කෙනෙක් අනාවැකියක් ඇහුවා කියලා කතාවක් ගියා.

ඒක ජ්‍යොතිෂ නෝනත් තහවුරු කළ කතාවක්... ඒ පුවත පළවූ ගමන් මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් දුන්න අදාළ දේසපාලකතුමා තමන් සාත්තරවලට සම්බන්ධ නැති බවත් ක්‍රීඩාව නග්ගන්න මිථ්‍යාව පසුපස නොයන බවත් ශබ්ද නගා ප්‍රකාශ කරලා තිබුණා... 

ඊට පස්සේ මේ කතාව අර අනාවැකි කියපු තැනැත්තියටත් දැනගන්න ලැබුණා.

ඇමැති තැන මේ කතාව බොරුය කියා කියනවා නම් ඒක ඔප්පු කරන්න තමන් ළඟ තියන ඡායාරූප කෙටි පණිවිඩ එහෙම එළියට දාන්න සිද්ධවෙනවා කියලා ජ්‍යොතිෂ නෝන මහත්තයා කෙටි පණිවුඩයක් මගින්ම දේසපාලක තැනට දැනුම් දීලා... හැබැයි ඊට පස්සෙ උන්නැහේ සද්දෙ වහලා නොකර සද්ද ඉන්න බව ආරංචියි...

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00