2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

අහවලාට කියලා නවත්තනවා!

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1154

හිටපු ලොකු තැනට පසුගියදා හදිසි දුරකතන ඇමතුමක් ආවා. ඒක ආවෙ ලංකාවෙ ලොකුම ව්‍යාපාරිකයකුගෙන්. එයා මේ රටේ ජනතාවගෙ ප්‍රධාන ආහාරය විකුණන කෙනෙක් කිව්වොත් නිවැරදියි.

මේ දුරකතන සංවාදයෙදි උන්නැහේ හිටපු ලොකුතැනට කිව්වෙ එයාගෙ පවුලෙ බලවත්ම කෙනෙක් වැලිකඩ ගෙනියන්න හදනවා වගේ කතාවක්ලු.

මේ කතාවෙ තිරය පිටුපස ඉන්න නළුවො කවුද කියලත් පුංචි හෙළිදරව්වක් කළා කියලා ආරංචියි...

රටේ ඉහළම දේසපාලන පවුලටත් සමීප සබඳතා ඇති මේ ව්‍යාපාරික භවතාගේ කතාව අසා සිටි හිටපු ලොකුතැන ඉතින් එහෙම එකක් වෙනවා නම් “අහවලාට” කියලා ඒක නවත්තන්න බලනවා... යයි තරමක් තදින් උත්තර දීලා. ඒත් ව්‍යාපාරික භවතා ඒ ගැන තවදුරටත් නිදහසට කරුණු කියන්නට යද්දි හිටපු ලොකුතැන ඔහුට සැර අවවාදයකින් සංග්‍රහ කොට දුරකතනය විසන්ධි කළ බවයි කියන්නෙ...