2019 ජනවාරි 05 වන සෙනසුරාදා

වැඩිම සැලකුම් ලබන මැම්බර්

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 692

දියවන්නා කවුන්සිලේ ඉන්න මැති ඇමැතිල අතරින් මේ දවස්වල වැඩියෙන්ම ගණන් ගන්න සැලකුම් ලබන රාජ්‍ය ඇමැතිතුමෙක් ඉන්නවලු.

ඉතාම ඈත පළාතක් නියෝජනය කරන මුන්නැහේ අලිපාටියට සැට්වෙලා ඉන්න හවුල්කාර පක්ෂයක ලොක්කෙක්ලු..

මුන්නැහේ මේ දවස්වල ඔය තරම්ම වැදගත් වෙලා තියෙන්නෙ තනියම හිටියත් උන්නැහේගෙ සහයෝගයෙන් ආණ්ඩුවෙ හතර මායිම් ලොකු කරගන්න පුළුවන් නිසා කියලයි තතු දත් අයගෙන් කියවෙන්නෙ...

කැබිනට්ටුව ලොකු කරන්න ලෑලි මදිවෙලා ඉන්න ආණ්ඩුවට මුන්නැහේගෙ හයිය ලැබුණොත් පිම්බෙන්න පුළුවන්ලු.

සින්දු කියන මාළු ඉන්න නගරෙන් පත්වුණු මෙයා දේශපාලන අලියෙක්. අලි වැඩ කරන පොරක් හැටියටයි ප්‍රසිද්ධ.