2019 ජනවාරි 05 වන සෙනසුරාදා

නරක මිනිහා කියන්න එපාලු

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 467

උඩරට පළාතට සම්බන්ධ ආණ්ඩුවෙ ඉන්න දේශපාලන පෙරමුණක ඇතුළෙ ගෝරියක් පටන් අරන්ලු.

මේ පෙරමුණේ නායකයො තුන්දෙනයි. එයින් දෙන්නෙක් ආණ්ඩුවෙ කැබිනට්ටුවෙ ඉන්නවා... ඒත් වතුකරේ සෑහෙන බලයක් තියෙන ක්‍රිෂ්ණන් උන්නැහේටයි උන්නැහේගෙ ගෝලයටයි මුකුත් නැහැ. 

ක්‍රිෂ්ණන් උන්නැහේ ඒ ගැන දුකින් කෝපය පිට කර කර ඉන්නකොට එයාලගෙම පෙරමුණේ කැබිනට් පට්ටමක් තියෙන කොළඹ දේශපාලන ලොක්ක පසුගියදාක විශේෂ ප්‍රකාශයක් කළා අලිපාටියෙ රංගෙට කැබිනට් පට්ටමක් නොදීම සාධාරණ නැහැ කියලා.

මේ කතාව ආරංචි වුණු වතුකර පෙරමුණේ ක්‍රිෂ්ණට මළ පැන්නා.. තමන්ගෙ පෙරමුණේ අයට තනතුරැ නැතුව හූල්ලද්දි වෙනත් පක්ෂවල අයට තනතුරු දෙන්න කියලා තමන්ගෙ අය ඝෝෂා කිරීම ගැන ක්‍රිෂ්ණ උන්නැහේ කොළඹ දේශපාලන ලොක්කට ලොකු දොස්මුරයක් දාලා.. තමන්ටත් තමන්ගේ දේශපාලන ගෝලයා වන අරාටත් මුකුත් නොලැබුණොත් තමන් නරක මිනිහා කියන්න එපා කියලලු ක්‍රිෂ්ණ කියන්නෙ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00