2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

වැරැද්ද නැකතේ!

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 1016

ඒකාබද්දෙට සම්බන්ධ දේශපාලන ලොක්කෙක් පසුගියදාක සාත්තරයක් බලන්න ප්‍රකට දෛවඥයෙක් ළඟට ගියා....

හිටපු ලොකු තැනට රටේ දෙවැනි පුටුව ලැබුණට ඒ ආණ්ඩුව ගෙනියගන්න අමාරු වුණේ ඇයිද කියලා ජ්‍යොතිෂ්‍යයේ හැටියට බලලා කියන්න කියලයි මේ දේශපාලුතුමා ඉල්ලා සිටියේ..

ඒ අනුව සාත්තරේ බැලූ දෛවඥ තැන කිව්වේ අපූරු කතාවක්...

මේ දවස්වල හිටපු ලොකු තැනගේ කල දවස ග්‍රහයෝ ඉතාම හොඳට හිටියත් රටේ දෙවැනි පුටුව භාරගන්න නැකතේ වැරැද්දෙන් මේ වැඩේ සිද්ධ වුණ බව මේ දෛවඥයා කියලා. දෛවඥයා කියපු විදිහට එදා ග්‍රහ තත්ත්වය තිබිලා තියෙන්නේ මෙහෙමයි.

එදා චන්ද්‍රයා අටේ සෙනසුරු හතරේ ඉන්න වෙලාවෙයි අලුත් අගමැති දිවුරුම් දුන්නේ...... ඒ වෙලාවේ ලබලා තිබුණෙ මෙවැනි සුබ වැඩවලට අකැප කණ්ඨක ශනි යෝගයයි. ඒක සුබ ඵල නසන ග්‍රහ යෙදුමක්. ප්‍රශ්නය ඒකයි. වැරැද්ද පුද්ගලයාගේ නෙවේ නැකතෙයි.... දෛවඥයා කිරි ගහට ඇන්නා වගේ ප්‍රකාශ කළාලු.