2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

අලුත් ඇමක්!

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 873

අලුත් ආණ්ඩුවට අලි පාටියෙන් ඇත්තු අදින වැඩේ ටිකක් ලීක් වෙලා නිසා දැන් කවුරුත් ටෙලිෆෝන් එකෙන් ඒ ගැන කතා කරන්න යන්නේ නෑලු. මොකද කතා කරපු ගොඩක් අයගේ සංවාද එළියට ගිහින් නිසා.

දැන් ආණ්ඩුවේ අය අලි පැටව් බාගන්න අලුත් ක්‍රමයක් සොයාගෙනලු. එයින් එක ක්‍රමයක් වෙන්නෙ තමන් කොක්ක ගහන්න යන මන්ත්‍රීලගෙ නෝනලාට ඇමතුම් දීම කියල ආරංචියි. අනෙක එයාලගේ ගෙවල්වලට ගිහින්ලු. අලි පාටියේ යාළුවන්ට ආණ්ඩුවේ කට්ටිය කතා කරලා කියනවලු මචං මම ගමනක් යන ගමන් උඹලගේ ගෙවල් ගාව ඉන්නෙ ඔය පැත්තට එන්නද? කියලා. ඉතිං යාළුකමට ගොඩක් අය එහෙම ගෙන්න ගත්තම පොඩි මදුවිතකින් සප්පායම් වෙනකොට පක්ෂ මාරු අදහස ඔලුවට දානවලු. නැත්තන් නෝනා අල්ලගෙන කියවනවලු. කෝම හරි මේක අලිපාටියේ ඉහළට ආරංචි වෙලා. දැන් ගෙවල්වල තියෙන පාටි ගැන හොයනවලු. දෙන්නෙක් තුන්දෙනෙක් මේ දැලේ පැටලිලා කියලා ආරංචියකුත් තියෙනවා. අද හෙටම දැලේ පැටලුන කට්ටියක් අදින්නලු යන්නේ ආණ්ඩුව පැත්තට.