2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

ලංසුව

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 529

අලි පාටියෙ... එක්තරා ඉහළ පෙළේ තනතුරක් දරන ලොක්කෙක් මේ දේශපාලන ජරමර මැද්දෙ කොණ්ඩෙ කපාගන්න බාබර් තමන්ගෙ නිල නිවසට ගෙන්නුවා...

තිඹිරිගස්යාය පැත්තෙ තියෙන ලංකාවෙ බලවත් දේශපාලන ලොක්කො රැසක්ම කොණ්ඩෙ කපන සාප්පුවකින් තමයි බාබර් උන්නැහේ ඇමැති නිවසට ගියේ... ඇමැති නිවස කිව්වට දැන් මේ ලොක්ක ඇමැති නෙවේ. ඇමැතිකම නොමැති ලොක්කෙක්. අලි පාටියෙ බොහොම ලොකු තැනක විරාජමාන වෙන කෙනෙක් කීවට වරදක් නැහැ...

ටික වෙලාවක් උන්නැහේගෙ කොණ්ඩෙ කපනකොට එයාගෙ ජංගම දුරකතනෙට ඇමතුමක් ආවා... ඒක ආවෙ පක්ෂ මාරුවට සැරසෙන දේශපාලන භවතකුගෙන්... පක්ෂ මාරු භවතා අලි පාටි ලොක්කට කතා කළේ තමන්ගෙ ඡන්දයෙ වටිනාකම කියන්නයි. අලි පාටි ලොක්කත් නිකමට වගේ පක්ෂ මාරු භවතගෙ ලංසුව ගැන විමසුවා.

එතකොට එකපාරටම අනිත් පැත්තෙන් ප්‍රකාශ වුණේ මිලියන 450 කියලයි... පුටුවේ විරාජමානව හිටපු අලි පාටි ලොක්කගෙ ඇස් උඩ ගියා. මිලියන 450 ක් කියා නැවත පුනරුච්චාරණය කරපු උන්නැහේ ටක්ගාල දුරකතනය විසන්ධි කළා.