2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

අපි ගැනත් බලන්න!

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 447

වතුකරේ මහ මෑන් පසුගියදාක වැඩි සද්දබද්ද නැතුව රටේ ලොකු මහත්තය මුණගැහුණා...

උන්නැහේ ලොකු මහත්තය හම්බවුණේ දේශපාලන ගනුදෙනුවක් ගැන කතා කරන්නලු. ළඟදි වෙන්න යනවය කියන දේශපාලන පෙරළියකදී තමන් ගැනත් බලල ආයෙමත් කැබිනට් වරම් දෙන්න කියන එකයි වතුකර මෑන්ගෙ ඉල්ලීම. තමන්ගෙ සීයගෙ කාලෙ ඉඳලම බලවත්ව හිටපු මෑන් පරපුරට හැම ආණ්ඩුවක්ම සලකපු විදියට සලකන්න කියලයි වතුකර මෑන් ඉල්ලල තියෙන්නෙ....

වතුකර යාළුවගෙ මේ ඉල්ලීමට හිස වනමින් සවන් දුන්න රටේ ලොකු මහත්තය ළඟදි ලොකු වෙනසක් සිදුනොවන බවත් සිද්ධ වෙන්න පොඩි වෙනස්කමක් බවත් වතුකර යාළුවට කියල... ඒ උත්තරෙන් කනස්සල්ලට පත්වුණ වතුකර මෑන් මොනවා වුණත් සර් අපි ගැනත් බලන්න කියලා යන්න ගියාලු.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00