2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

මගේ ළඟ ආසනේ බැහැ

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 931

පසුගිය දවසක රටේ ලොකු මහත්තය උතුරේ සංචාරෙකට ගියා එසේ විවෘත කිරීම් වගේ වැඩ ගොඩකුත් සංවිධානෙ කරලා තිබ්බා... මේ සියල්ල අවසානයේ ලොකු මහජන හමුවක් ලෑස්ති කරල තිබ්බෙ පළාත් ආණ්ඩුකාර තැනගෙන් අනුග්‍රහයෙන්ලු...

මේ හමුව තිබුණේ මයිලඩි පැත්තෙ තැනක... පළාතෙ මැති ඇමැති ගොල්ලටත් ඒකට ආරාධනා කරලා තිබ්බා. මේ උත්සවයට පැමිණෙන නොපැමිණෙන උදවිය ගැන හොඳ හෝදිසියකින් හිටපු රටේ ලොකු මහත්තයා... රැස්වීම් භූමියෙ හදපු වේදිකාවට ගොඩවෙන්න කලින් ඒකෙ ප්‍රධාන සංවිධායකය හදිස්සියෙම කැ‍ෙඳව්වා... කැඳවලා ප්‍රශ්න කළේ වේදිකාවෙ ආසන පනවල කියන විදිය ගැනයි... ඒ අනුව උන්නැහේ එදා වේදිකාවෙ අසුන් ගන්න උදවිය නම් පිළිවෙලට කියලා දුන්නා. 

ඒ විස්තරේට සවන් දුන්න ලොකු මහත්තයා වහාම තමන්ගෙ වම්පසින් පනවා තිබෙන අමුත්තගෙ ආසනේ වෙනස් කළ යුතුය කියල නියෝගයක් දුන්නලු...

ඒ අනුව රටේ ලොකු මහත්තයා වේදිකාවට ගොඩවෙන්න කළින් ඒ ආසනේ වෙනස් කරලා උතුරෙ සේනාධිරාජා මන්තිරි තැන එතන අසුන් ගන්න සැලැස්සුවා...

ලොකු මහත්තයගෙ වම්පසින් අසුන් ගෙන ආණ්ඩුව ඇතුළෙ තමන්ට කිසි අර්බුදයක් නැතිබව ලෝකෙට පෙන්නන්න හිටපු කොටි සංවිධානෙ නගාහිටුවන්න කතා කළ විජයකලා නෝනා... උත්සවය හමාරවෙන තුරු ඈතින් පනවපු ආසනේක අසුන් අරගෙන ඉන්නවා බලාහිටපු අයට පෙනුණා.