2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

පැරැණි පවුලක අලුත් නමක්

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 607

ආණ්ඩුවෙ මහපුටු සටනට අලිපාටියෙ ලොකු මහත්තය අන්තිම මොහොතෙ තරග නොකරන්න තීන්දු කළොත් ඒ වෙනුවට විකල්ප නමක් සෙවීමට පාටියෙ ජ්‍යෙෂ්ඨයො පසුගිය කාලෙ මහන්සි වුණා.

ඌවෙ මද්දුම මහත්තයා, සජීතුමා, ක්‍රිකට් සංගා වගේ නම් ගම් ගොඩක් ආවත් ඒ කීපදෙනෙක් මේකට අකැමැත්ත ප්‍රකාශ කරල එක්කෙනෙක් අද නොවේ හෙට කිය කිය බාලගිරි උත්තර දෙමින් යන්නෙ ජ්‍යෙතිෂයෙන් අර්බුද විසඳාගන්නලු...

ඉතින් මේ අල්ලපනල්ලෙ ඡන්දෙ හදිස්සියට එනවය කියන හාහූව... ඇහෙන්න පටන් ගත්ත...

ඒ පාර අලි පාටියෙ ඉහළ මණ්ඩලේ කිහිප දෙනෙක් නව නාමයෝජනාවක් සොයා ගත්තලු. අලුත් නමක් කිව්වට ඒක අලුත්ම නමක් නොවේ පැරැණි අලි පවුලක අලුත් නමක්... 

උන්නැහේ නියෝජනේ කරන්නෙ උඩරට දිසාවක්... ඒ දිසාවට නායක වෙච්ච මුන්නැහේ දියවන්නා කවුන්සිලේ ඉහළම පුටුවලට ඥාති සබඳතා තියෙන කෙනෙක්.

දැන් මේ නම අලිපාටියෙ ඉහළ මණ්ඩලේ රහස් කතාවල ප්‍රධාන මාතෘකාවලු.