2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

ටිකට් එක ඇදෙන්න යන මහඇමැති

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 437

පළාත් සභාවෙ නිලකාලෙ ඉවරවෙන්න තවත් මාසයක් තියෙද්දි උතුරෙ මහඇමැති තැන තමන් දැනට ඉන්න නිල නිවාසෙ කාලය තවදුරටත් දීර්ඝ කරගන්න ගිහිල්ල අර්බුදයක් පටන් අරන්ලු.

උන්නැහේ නවාතැන් ගෙන ඉන්න නිලමැඳුර උතුරැ සන්ධානෙ ප්‍රබලයකුගෙන් කුලියට ගත් නිවසක් බවයි ආරංචි...

ඒකෙ නිලකාලෙ මේ අවුරුද්ද අවසානෙදි ඉවරවෙන්න නියමිතයි. ඒත් කුලී නිවාසය තවත් කාලයකට තමන්ට අවශ්‍ය බව මහ ඇමැතිතැන නිවාස හිමිකරුට ලිඛිතවම දැනුම්දීලා...

නිවාස හිමිකරු උතුරු සන්ධාන ප්‍රබලයෙක් නිසා ඔහු මේ ගැන උතුරු සන්ධානෙ ලොක්කට හොර රහසෙම දන්වලා තියෙන්නෙ මහඇමැති තැනට නැවත නාමයෝජනා දෙන්න ද යන්නෙ කියන ප්‍රශ්නයක් මතුකරමින්ලු...

තවමත් විගීට නාමයෝජනා දීම ගැන අන්තිම තීන්දුව අරගෙනත් නැතිව තියෙද්දී මේ විදියට නිල නිවාස ඉල්ලන්න යාම ගැන උතුරැ සන්ධානෙ ලොක්කන්ට සැරට කේන්ති ගිහිල්ලලු. ඒ නිසා ඉදිරි සතියෙ කොළඹ ඇවිත් වහාම තමන් හමුවෙන්න කියලා උතුරැ සන්ධානෙ ලොක්කා විගීට නියම කළ බවත් ආරංචියි.