2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

විකුණන්න පුළුවන් බඩු

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 973

දැන් පහළොවට බැහැලා තියන 16 දෙනාගෙ කණ්ඩායමේ ප්‍රබලයෙක් රටේ ලොකු පුටු දෙකට දැන් ඉන්න ලොකු තැනයි හිටපු ලොකු තැනයි ගේන්න දියත් කරල තියන ව්‍යාපෘතියට එයාලගෙ කණ්ඩායමෙන්ම සහයෝගයක් ලැබෙන්නෙ නැතිලු...

ඒ අයගෙන් වැඩිදෙනා හිටපු ලොකු තැන එක්ක තනිගමනක් යමු කියන තීන්දුව තමන්ගෙ කණ්ඩායම හමුවේ ප්‍රකාශ කරල කියලයි ආරංචි...

ළඟ ළඟම එනවය කියන ලොකු පුටු තරගයදි අපි වේදිකාවට ගෙනියන්න ඕන විකුණන්න පුළුවන් බඩු විතරයි කියලයි එතන ඉන්න ඌව පළාතෙ ප්‍රබලයෙක් ප්‍රසිද්ධියෙම කියලා කියන්නෙ...

ඒ නිසා ඡන්ද වේදිකාවෙ විකුණන්න බැරි බඩු ගැන කතා කිරීම පලක් නැති බවත් උන්නැහේ කියලා...

එයාගෙ කතාව 15 දෙනාගෙ කණ්ඩායමේ ඉන්න අනෙක් හැමෝම වගේ අනුමත කළ බවත් ආරංචියි... ඒත් එක්කෙනෙක් විතරක් තවමත් රටේ මහ පුටුදෙක ඒ දෙන්නට දෙන්න ඕනය කියමින් තිරය පිටුපස පොඩි නූල්සූත්තරයක් කරන බව තතු දත් අය කියනවා. මේ වැඩේට හිටපු ලොකු තැන පවා සතුටු නැති බවත් ආරංචියි.