2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

උන්නැහේගෙ රත්තරන් අවයවය

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 864

එක්තරා මහ ඇමැති සයිස් මහත්තයකුගෙ ශරීරයේ අවයවයක් හැදිල තියෙන්නෙ රත්තරන්වලින්ලු... ඒක ප්‍රකාශ කරන්නෙ අපි නෙවෙයි උන්නැහේමයි...

මේ බව සඳහන් වෙන්නෙ මහ ඇමැතිතුමා නමින් පවත්වා ගෙන යන විකිපීඩියා වෙබ් අඩවියේ ඔහුගේම ප්‍රකාශනයක් හැටියටයි. ඒ වෙබ් අඩවියෙ සඳහන් වන මහ ඇමැති තැනගෙ ජීව දත්ත සටහනේ ඉංග්‍රිසී හා සිංහල භාෂා දෙකෙන්ම උන්නැහේගෙ රත්තරන්වලින් හැදුණු අවයවය ගැන සඳහන් වෙනවා...

එහි කියන විදියට ඔහු තමන්ගෙ පළාතෙ මහ ඇමැති බවත් ඔහු හැඳින්වීමට රත්තරන්වලින් හැදුණාය කියන ඔහුගේ අවයවය ගැන නමට ඉදිරියෙන් විශේෂ සටහනක් ඇති බවත් කියැවෙනව...

විකිපීඩියාවට රිංගල මෙකී මහ ඇමැති තැනගෙ ජීව දත්ත සටහනට ගියාම ඒ රත්තරන් අවයවය මොකද්ද කියල මේ සටහන ලියන මොහොතේ පුළුවන්කම තිබුණා. උන්නැහේගෙ පළාත් සභාවෙ මැතිඇමැති ගොල්ලන්ට අසුන් ගන්න ලස්ස ගණන් වටින අසුන් පනවන්න යන මුන්නැහේ ඒ ආසනේ අසුන්ගන්න ඔය කියන රත්තරන් අවයවය ප්‍රයෝජනේට ගන්න බවයි අපට හිතෙන්නෙ...