2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

බ්‍රේන් වොෂ් එකක් දෙන්නලු යන්නෙ

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 883

රටේ මහ පුටු සටනට ක්‍රිකට් සංග කොහොම හරි ඇන්ටර් කරගන්න එක්තරා බලවත් දේශපාලන චරිත ගණනාවක් තවමත් පුල් ට්‍රයිලු...

පකිස් රටේ ඉම්රාන් ලොක්ක රජවුණාට පස්සෙලු යටපත්වෙලා තිබුණ මේ අදහස ආයෙමත් මතුවුණේ.

දේශපාලු නායකයො දෙතුන් දෙනෙක් පසුගිය දවස්වල සංගට මේ ගැන දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත් කරනකොට එයා මේ වැඩේට තිත තියන්න තමන්ගෙ මුහුණු පොතේ සටහනක් දැම්මා.... ඒකෙන් කියැවුණේ කවුරැ කොහොම කිව්වත් තමන් නම් දේසපාලු රස්සාවට බහින්නෙ නැහැ කියලයි. තමන්ගෙ ක්‍රිකට් ඉනිමට පස්සෙ ජීවිතේ දෙවැනි ඉනිම පවුලේ දියුණුව වෙනුවෙන් කැපකරන බවත් සංග කෙළින්ම කියල දැම්මා...

ඒ වුණාට මේ වැඩේට උනන්දු අය කතන්දරේ නවත්තල නැතිලු එයාල තමන්ගෙ අලුත්ම උත්සාහය හැටියට... සංගව ඡන්දෙට දැමිල්ල ගැන තානාපති අංසවල බලවත් දෙතුන් දෙනෙක් එක්ක කතා කරලා...

ඒ තානාපති උන්නැහේල අතර ආසියාවෙ බලවත් රටක් තානාපති සයිස් මහත්තයෙක් වගේම යුරෝපෙ ප්‍රබල රටවල් දෙකක තානාපති මට්ටමේ අයත් හිටිය බවයි තතු දත් ආරංචි මාර්ග කියන්නෙ.

මේ හමුවෙන් පසුව උන්නැහේල තීන්දු කළේ ජාත්‍යන්තරයෙන් එන ඉල්ලීමක් විදියට නැවතත් ඒ ගැන සංග එක්ක කතා කරන්නලු. ඒ කතාබහ එක්තරා විදියකට බ්‍රේන් වොෂ් කිරිල්ලක් වෙන්න පුළුවන් බවත් ආරංචියි....

මේකට සංග මොන ප්‍රතිචාරයක් පළකරාවිද කියලා දැන් දේශපාලන ඉව තියෙන අය බලන් ඉන්නවා....

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00