2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

එයාට නම් අපේ ඡන්ද වානා

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 768

ආණ්ඩුවේ එක්තරා ප්‍රබල ඇමැති සයිස් උන්නැහේ කෙනෙක් තවත් මැති ඇමැති සගයො ගණනාවක් එක්ක දියවන්නා ලොබියෙ බර කතාවකට වැටිල හිටියා.

උන්නැහේලගෙ කතාවෙ මාතෘකාව වුණේ ඊළඟ ජනපති සටන. ඒකට එන්න යන අපේක්ෂකයො ගැනයි මෙයාල අනුමානෙට කතා කළේ...

අපි මේ කියන ඇමැති සයිස් මහත්තය සබරගමුව පළාතෙ ඈත කොනකින් පත්වුණ එයා නියෝජනේ කරන පාටියෙ ලොකු බලවතෙක්....

ඔන්න ඉතින් මේ කතාව යද්දි ඒකාබද්දෙ ඉන්න නීති තර්ක ගැන හොඳින් දන්න ජාතික ඇඳුමෙන් සැරසුණ මහත්තයෙකුත් තව මිතුරන් පිරිසක් සමඟ එතනට සම්ප්‍රාප්ත වුණා. ඉතින් ඔය උදවිය තවදුරටත් ජනාධිපති අපේක්ෂකයො ගැන කතාබහ කරද්දි ඡන්දෙට එන්න යනවය කියන එක එක්කෙනාගෙ නම් කියන්න පටන් ගත්තා.

ඒකාබද්දෙන් අහවලා එනවලු නේද? ඇමැති තැන ඇහුවා... ඒකාබද්දෙ මන්තිරි කස්ටිය ඒ නම තහවුරැ කළා.... අලි පාටියෙ ලොකු මහත්තය එනවලු... තවත් ඇමැති කෙනෙක් කිව්වා.... එච්චර විතරක් නෙමේ අහවලත් ඡන්දෙට එනවලු නේද කියමින් ඒකාබද්දෙ මන්තිරිල ආණ්ඩුවෙ තවත් ප්‍රබලම කෙනෙකුගෙ නමක් කිව්වා...

ඒ නම කියැවුණා විතරයි සබරගමු ඇමැතිට මලපැන්න. මතක තියාගන්න මම අද කිව්වයි කියලා... ඕගොල්ලන්ගෙ ලොක්කට ඡන්දෙ දුන්නත් ඔය කියන කෙනාට නම් මීට පස්සෙ අපේ ඡන්ද ලැබෙන්න නැහැ... ආණ්ඩුවෙ ඇමැති තැන දිවුරා සපථ කළා. ඒකාබද්දෙ මන්තිරිගොල්ල උඩබිම බල බලා යන්න ගියා.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00