2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

හිටපු ලොකු තැනගෙ අලුත් වයින් බෝතලේ

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 917

යුරෝපෙ එක්තරා ප්‍රබල රටක තානාපති සයිස් මහත්තයෙක් හිටපු ලොතු තැන හම්බුවෙන්න පසුගිය දවසක ආව... එයා ආවෙ ඉස්සරහට එන්න කියන රටේ ලොකු පුටු තරගය ඇතුළු කාරණා ගණනාවක් ගැන හිටපු ලොකු තැන එක්ක සාකච්ඡා කරන්නලු....

ඉතින් එයා හිටපු ලොකුතැන සමඟ කතාබස් කරද්දි කවුද ඔබේ ටීම් එක කියන ප්‍රශ්නය මුලින්ම ඇහුව... පරණ අයමද ආයෙමත් තානාපති තැන ප්‍රශ්න කළා.... එතකොට මහ හඬින් සිනාසුණු හිටපු ලොකු තැන දුන්නෙ ඩිප්ලොමැටික් උත්තරයක්ලු.

අපේ වයින් බෝතලේ අලුත්. ලේබලෙත් අලුත්. එච්චර විතරක් නෙවෙයි ඒකෙ තියෙන වයිනුත් අලුත්.... හිටපු ලොකු තැනගෙ උත්තරේට සවන් දීපු තානාපති තැන ඔලුව වනල අලුත් බෝතලේ - අලුත් ලේබල්.... අලුත් වයින්.... කියල ලොකු හිනාවක් දැම්මලු.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00