2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

ඇත්ත හේතුව

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 524

පසුගියදාක රටේ ලොකුමහත්තය උඩරට පළාතෙ ඉස්කෝල වගේක වැඩසටහන් ගණනාවකට සහභාගි වුණා. ඉතින් එහෙම ගියාම එයා මේ පාසල්වල දරුවන්ගෙන් දෙමව්පියන්ගෙන් විතරක් නොවේ ගුරුවරුන්ගෙනුත් ඒ වගේ තියෙන අඩුපාඩු ගැන තොරතුරු අහනවා...

මෙහෙම ගිය ගමන්වලදී තියෙන ප්‍රශ්න ගැන ඇහුවම හුඟක් පාසල්වලින් දැනගන්න ලැබුණේ පාසල්වලට වැසිකිළි කැසිකිළි නැහැ... ඩෙස්ක් බංකු නැහැ කියන ප්‍රශ්නලු....

ඒව හදන්න ආණ්ඩුවෙන් හුඟක් මුදල් වෙන්කරල තියෙද්දිත් පාසල්වල තියෙන මේ අඩුපාඩු ඒ ඒ පළාත්වල දේශපාලුතුමන්ල ඉටු නොකරන්නෙ මොකද කියල. ඒ පාර රටේ ලොකු මහත්තය ප්‍රශ්න කළේ පළපුරැදු විදුහල්පති කෙනෙක්ගෙන්.... එතකොට උන්නැහේ ඇත්ත හේතුව කිව්වා.....

හේතුව මේකනේ සර්... උත්සව තියල වැසිකිළි විවෘත කරන්න බැහැනේ... ඒ වගේම මේ වැසිකිළිය විවෘත කළේ අහවල්තුමා කියල බෝඩ් එකක් ගහන්නත් බැහැනේ... ඩෙස්ක් පුටු දුන්නත් ඒවයේ නම ගහන්න බැහැනේ... ඒ හින්ද තමයි ඉස්කෝලවලට වැසිකිළි ඩෙස්ක් පුටු නොලැබෙන්නෙ.... විදුහල්පතිතුමා ප්‍රකාශ කළා.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00