2018 ජුලි 28 වන සෙනසුරාදා

අපිටත් සලකන්න

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 972

බූරුවන්ට ප්‍රසිද්ධ පළාතක් කිට්ටුව ආසියානු රටක ආයෝජකයෙක් පවත්වාගෙන යන ලොකු කම්හලක් තියෙනවා... සෑහෙන පිරිසකට රැකීරක්ෂා එහෙමත් සපයල තිබෙන මේ කම්හල යකඩ වානේ වගේ දේවල් නිෂ්පාදනේට සම්බන්ධයි...

ඉතින් මේක සෑහෙන ලොකු ව්‍යාපාරයක් නිසා පළාතෙ දේශපාලුතුමන්ලගෙත් ඇස් කන් ඒ පැත්තට යොමුවුණා... ඔය අල්ලපනල්ලෙ පළාතෙ ලොකු දේශපාලන “රංග” නයක් කරන ප්‍රබල කෙනෙක් කම්මල් පාලන අධිකාරියට කතා කරල එක එක දේවල් කියන්න... ඉල්ලන්න පටන් ගත්තලු...

පිටරටවල් වලින් ඇවිත් මුදල් ආයෝජනේ කරල ඉතාම දුෂ්කර ලෙස ව්‍යාපාර කරන අයට දේශපාලුතුමන්ලා ඉල්ලන ඉල්ලන හැමදේම එකපාර කරන්න අමාරුයි... ඒ නිසා එයාල දේශපාලුතුමාගෙ සමහර ඉල්ලීම් ඉටුකළේ නැතිලු...

ඉතින් ඔහොම වුණාම පුත්තලං දේශපාලුතුමාට මල පැන්න... පසුගිය කාලෙ හැමෝම වගේ එක්ක මල පැනලා හිටපු උන්නැහේ දවසක් එකපාරටම මේ කම්හලේ පාලක තැනට කතා කරලා එතන නිෂ්පාදනේ කරන බඩුවලින් විශාල ආදායමක් ලබන නිසා තමන්ටත් යහපතක් විය යුතු බව කෙළින්ම කියලා...

තමුසෙලා නිපදවන භාණ්ඩ කිලෝවකින් අපිටත්... කියල උන්නැහේ තමන්ගෙ ඉල්ලීම ඉදිරිපත් කළේ ඒක ඉටුනොවුණොත් වෙන දේත් කියලලු... අන්තිමේදි මේ කතාව දැනගත්ත කම්හල අයිති විදේශ හිමිකරැ දැන් මෙරට කම්හල වහල ආසියාවෙ වෙනත් රටකට යන්න පිඹුරුපත් හදන බවයි තතු දත් අය කියන්නෙ. 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00