2018 ජුලි 28 වන සෙනසුරාදා

කවිකාරයට ලජ්ජා හිතිලා

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 980

මැතිසබේ ඉන්නවා වීරයෙක් වගේ සැරට කතා කරන චරිතයක්. කටකාරකම නිසාම දෙනවා වේදිකාවල බෙලි කැපිලා යන වචන. මේ කටකාර වීරයා තවත් දේකට දක්ෂයි කියලා පහුගිය දවසක ආරංචි වුණා.

මෙයා සමීප යෙහෙළියන්ට ලස්සන කවි, නිසදස් එහෙම කෙටි පණිවිඩවලින් යවනවලු. ආදරණීය පදවැල් වෙච්චි මේවා දැක්ක ගොඩක් ගෑනු ළමයින්ට එහෙම ඇඬෙන්න පවා එනවලු. ඒව ඒ තරම් හිත්ගන්නාසුළු කවි පදවැල් කියලයි ආරංචිය. ගොඩක් අයට මෙහෙම කටක් තියෙන එයාට මේවා ලියන්න පුළුවන්ද කියලත් සැකයිලු.

හැබැයි එහෙම ෆෝන් එකෙන් කවි ලිව්වට මෙයාව ළඟට හම්බුණාම මෙයා අහක බලාගන්නවලු. හරියට එයා නෙමෙයි වගේලු ඉන්නේ. ළඟට ගිහින් කතා කළත් එයා නෙමෙයිලු මූණ බලන්නේ. රූට කවිකාරයා වෙච්චි මෙයා උදේට කටකාරයා වුණාට හම්බවුණාම නම් හරි ලජ්ජකාරයා කියලයි ආරංචිය.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00