2018 ජුලි 28 වන සෙනසුරාදා

කන්තෝරුවට මහ සෙනගක්

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 516

මේ අපි කියන්නෙ ලංකාවෙ ලොකුම අධිකාරියක් ගැනයි... දාස් ගණනක් සෙනග සේවය කරන මේ ආයතනෙට ඔන්න පසුගිය දවස්වල හිටි හිටි ගමන් සිය ගණන් අලුතින් සේවකයො එන්න පටන් අරන් කියල ආරංචියි...

මෙතන පුරප්පාඩු තියෙන්නෙ වෘත්තිය පුහුණුව ඇති සේවකයන්ටයි... ඒත් දැන් රොත්ත පිටින් එන්නෙ හරිහමන් විදියට විභාග සමත් නැති කස්ටියලු. කළු ගඟ පේනමානෙ තියෙන ගම්වල උදවියම මේ අධිකාරියට පැමිණීමත් විශේෂයක්ය කියල තතු දත් උදවියයි කියන්නෙ.

මේ විදියට ආපු ඇහින්දාස්ල කන්දරාව විශාල නිසා මෙයාලට දෙන්න හරිහමන් රස්සාවලුත් නැහැල්ලු. ඒත් රස්සාවට ගත්ත උදවියට වැඩ පවරන්නත් ඕනැනේ... ඒ අනුව මේ ඇහින්දාස්ලට දීපු රස්සාවලුත් අරැම පුදුම ඒවලු... ලියුම් ගෙනෙන්නා - ලියුම් කඩන්නා - ලියුම් අලවන්නා - ලියුම් කියවන්නා - ලියුම් බෙදන්නා - ලියුම් අමුණන්නා - ෆයිල් කරන්නා විතරක් නෙවෙයි ලියුම් වාෂ්ප කරන්නොත් මෙතන ඉන්න වගයි කියැවෙන්නෙ...

කවදත් දේශපාලන ලොක්කො රුකියා ආකරයක් කරගත්ත මහ මුහුද පේනමානෙ තියෙන මේ සුප්‍රකට අධිකාරිය මේ විදියට සැමන් ටින් එකක් කළොත් අබ සරණයි කියල මේ ආයතනෙට ආදරේ සේවයො කුටු කුටුගාමින් කියනව අපටත් ඇහුණා.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00