2018 ජුලි 28 වන සෙනසුරාදා

මහපුටු සටනට එනවලු

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 571

ජනපති තරගය පේනතෙක් මානෙක නැතත් දැන් ඉඳලම සටනට සැරසෙන දෙතුන් දෙනෙක් ගැන ආරංචි පැතිරෙන්න පටන් අරන්... මේ අය අතරින් දැනට නම කියැවිච්ච උන්නැහේලට අමතරව අලුත් නම් දෙකක් පසුගිය සතියේ කොළඹ දේශපාලන සංවිධායකයො අතරෙ සාකච්ඡාවට බඳුන් වුණා.

එයින් එක්කෙනෙක් දේශපාලන පුත්‍රයෙක්... අනෙත් කෙනා ආණ්ඩුකාර මට්ටමේ කෙනෙක්. මේ දේශපාලන පුත්‍රය කියන විදියට එයා හුඟක් ලොකු වැඩ කරපු පොරක්ලු. 2015 මේ ආණ්ඩුව ගේන්නත් එයා මුල්වුණ බව එයා කියනවා. තමන් පෙරපාසල් යන කාලෙ ඉඳලම දේශපාලනේ කළ බව කියපු මුන්නැහේ පසුගිය කාලෙ කරපු සමහර කතා හරි පුදුමයි... අපූරුයි.

වමේ දේශපාලනයට නෑකම් කියන මේ ආණ්ඩුවෙ ඉහළ පට්ටමක් දරන එයාගෙ තාත්තලත් මේ පුත්‍රයට ආශිර්වාද කරන බව කියනවා. කොහොම හරි උන්නැහෙත් ඊළඟ මහපුටු සටනට එන බව ගිය සතියේ මැතිසබා ලොබියේදි කතාවෙලා තිබුණා... ඊළඟ අපේක්ෂකයා දැනට ආණ්ඩුකාර මට්ටමේ ඉන්න කෙනෙක්ලු... එන්නෙ දකුණෙ ප්‍රකට දේශපාලන පවුලකින්ලු... පක්ෂ ගණනාවක මැති ඇමැතිකම් කරපු උන්නැහේගෙ සහෝදරයෙක් දැනටත් මැතිසබේ ඉන්නව...

ඉතින් මේ ආණ්ඩුකාර තැන මේ දවස්වල විද්වතුන් වගේම තව තවත් පිරිස් ඉතාම පෞද්ගලික මට්ටමින් කැඳවලා සම්මන්ත්‍රණ සාකච්ඡා තබමින් වැඩේට පිටපොට ගහන බවයි පේන්නෙ. ඒත් තමන් සටනට එන බව තවමත් නිල වශයෙන් කියලා නැහැ... ඉතින් ඔය විදියට බලාගෙන යනකොට ඊළඟ මහපුටු සටනට දැනටමත් හත් අට දෙනෙක් සැට්වෙයි වගෙයි පේන්නෙ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00