2018 ජුලි 21 වන සෙනසුරාදා

‍හොට පටලවා ගන්නලු හදන්නෙ!

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 529

ඒකාබද්දෙ පට්ටම්ධාරී උඩරට පළාතෙ “ආනන්දජනක” කතාකාරයෙක් ඉන්නව නඩුහබ වැටිලා ජරමරවෙලා ඉන්න මුන්නැහේ හැමතැනම ඉන්න පොරක්ලු.

උදේට ගෝඨතුමා දවල්ට බැසිල් උන්නැහේ හවසට ලොකු තැන මුණගැහෙන මුන්නැහේ කියන එක එක කතා එකිනෙකට පරස්පරයිලු. ඒ නිසා රාජපක්ෂවරැ අතරේ මෙයාගෙ කතා ගැන වෙනම සංවාදයක් තිබුණලු... කොහොමින් කොහොම හරි ඒව හෙළිදරව්වෙලා දැන් මේ කටකාර කවුන්සිල් මෑන්ගෙ කතා ගැන රාජපක්ෂල ලොකු සෙවිල්ලකලු ඉන්නෙ එයින් එක රාජපක්ෂ කෙනෙක් මෙයා කියාපු කතා ගැන උන්නැහේගෙන් ප්‍රශ්න කරන්න මෙයා හමුවෙනකම් ඉන්න බවත් ආරංචියි. කොහොමින් කොහොමහරි එයා දැන් තමන්ගෙ ආරක්ෂාව තමන්ම සලසා ගමන් සිටින බවයි කියැවෙන්නෙ. රටේ දෙවැනි පට්ටම කාලයක් දැරූ හිටපු ලොකු මහත්තයෙක්ගෙ ඥාතිත්වයකුත් තිබෙන මේ උඩරට කටකාරය කට නිසා උණුවතුරට වැටෙන්න පුළුවන් කියලා තතුදත් අය කියනවා.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00