2018 ජුලි 21 වන සෙනසුරාදා

රටවල් දෙකකින් රතු කොඩි

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 514

ලංකාවෙ ඉන්න ප්‍රබල රටවල් දෙකක තානාපති මට්ටමේ ලොක්කො දෙන්නෙක් අපේ විදේශ කටයුතු අංසෙට ලියුම් දෙකක් එවලලු... ඒ ලියුම් දෙක බරපතළ කාරණා ගණනාවක් ගැන ප්‍රශ්න කරන්න ලියූ ලියුම් බවයි ආරංචි...

ලෝකෙ පංච මහ බලවතුන් නියෝජනේ කරන මේ රතු රටවල් දෙකම ආණ්ඩුවෙන් අහන්නෙ තමන්ගෙ ආණ්ඩු සම්බන්ධයෙන් ආණ්ඩුවෙ ප්‍රබලයො කරන ප්‍රකාශ දෙකක් ගැනලු. ගිය ආණ්ඩුවට මැතිවරණ ආධාරයක් පිරිනැමූ බව කියන අසියාවෙ රතු රටක් මේ කතාවෙ පෙරමුණේ ඉන්නවලු...

ඊළඟට ලංකාවෙ යහපාලනේ හොල්ලන්න ඒකාබද්දෙට මුදල් දෙනබවට ප්‍රබල ඇමැති සයිස් මහත්තයෙක් පසුගියදා චෝදනා කළ රටක තානාපති අංසෙනුත් සැර ලියුමක් එවලලු.

පසුගියදා පුට්බෝල් ක්‍රීඩාව එක්ක ලෝකෙම අවධානෙ දිනාගත්ත මේ රතු රටින් ඒකාබද්දෙ ලොකුම පවුලක තරැණ මන්තිරි කෙනෙකුට මුදල් දෙන බවට ආණ්ඩුවෙ ප්‍රබලම ඇමැතිතුමෙක් කිව කතාවෙ අගමුල ගැනලු මේ ලියුමෙන් ප්‍රශ්න කරන්නෙ.
කොහොමහරි මේ රටවල් දෙකම අපට නැතුවම බැරි ලෝක මහා බලවතුන් වීම නිසා ප්‍රශ්නය අපි හිතුවට වඩා බරපතළ බවයි තතු දත් අය කියන්නෙ. ඒ අතරෙ ලංකාවට සංවර්ධන ආධාර වැස්සක් වස්සවපු ආසියාවෙ රතු රටේ කොළඹ තානාපති තැන පසුගියදා ආණ්ඩුවෙ ඉහළම මන්දිරේක ඉන්න ලොකුමහත්තයෙකුට මේ වැඩෙන් තමන්ගෙ රටට සිද්ධවෙන අපකීර්තිය ගැන කියලා වැඩේ දුරදිග ගියොත් තමන්ගෙ ආණ්ඩුවත් කාරණා දුරදිග ගෙනියයි කියලා රතු කොඩිය ඉස්සු බවත් ආරංචියි.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00