2018 ජුලි 14 වන සෙනසුරාදා

ඇමැතිනියගේ තෝරාගැනීම

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 988

නම කියනකොට “සඳ” මතක්වෙන ආණ්ඩුවෙ ඇමැතිනියක් ඉන්නවා. අලි පාටිය නියෝජනේ කරන ඇය මේ දවස්වල තමන්ගෙ අමාත්‍යංශයට උපසයිස් ඇමැතිනියක් සොයනවලු...

මෙච්චර කල් තමන්ගෙ කන්තෝරුවෙ දෙවැනි ඇමැතිපට්ටම දැරූ නෝනා ලෝක ලෙඩක් දාගෙන පට්ටමට තට්ටු කර ගත්තා. අපි මේ කියන ඇමැතිසයිස් නෝන ඒකාලෙ පට්ටම අහිමිවූ නෝන එක්ක ඒ තරම් ඇයි හොඳයියක් තිබුණේ නැහැ...

එයා ගියා කියන ආරංචිය ආවා විතරයි බැරිවෙලාවත් නැවතත් එයා මේකට රිංගන්න ආවොත් කියල හිතපු ඇමැතිනිය ඊට කලින් වෙනත් කෙනෙක් පත්කරගන්න මේ දවස්වල හතර අතේ වැඩ කියලා ආරංචියි.

මේ වැඩපිළිවෙළ අනුව ඇමැති සයිස් නෝන තමන්ගෙ දෙවැනිය හැටියට කෑගල්ල පැත්තෙන් කවුන්සිලේට ආපු දොස්තර නෝනා කෙනෙක්ගෙ නම නිර්දේශ කරමින් ලොකු ප්‍රචාරයක් ව්‍යපෘතියකුත් දියත්කරලලු. ඒත් ඔය කියන දොස්තර නෝන පළවෙනි වතාවට කවුන්සිලේට ආපු කෙනෙක් නිසා කැබිනට් නෝනගෙ අරමුණ කොට උඩ ගිහිල්ල වෙන කෙනෙක් එතෙන්ට එන්න පුළුවන් කියලත් සමහරු කියනවා.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00