2018 ජුලි 14 වන සෙනසුරාදා

දායකයන්ගේ ආසාව

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 819

හිටපු ලොකු තැන පසුගියදාක ඈත පළාතක පන්සලක තිබුණ ආගමික උත්සවේකට ගියේ ප්‍රධාන ආරාධිත අමුත්තා හැටියටයි.

ඉතින් උන්නැහේ ගිහිල්ල උත්සවේට සහභාගිවෙලා ඒකටයුතු හමාර කරලා කොළඹට ආව...

ඊට දවස් දෙකතුනකට පස්සෙ උන්නැහේට දුරකතන ඇමතුමක් ආවා. ඒ ඇමතුම දුන්නෙ අර උත්සවේ තිබුණ පන්සලේ නායක හාමුදුරැවො. තමන්ගෙ ආරාධනාව අනුව හිටපු ලොකු තැන පන්සලේ උත්සවේට පැමිණීම ගැන මහ ඉහළින් ස්තූති කරලා පින් අනුමෝදන් කරපු නායක හාමුරුවො ඒත් සර් මට එක දුකක් තියනවා ඒක ඔබතුමාට කියන්නත් මොකද්ද වගේ කියලා කිව්වම කමක් නැහැ අපේ හාමුදුරුවනේ මගේ අමනාපයක් නැහැ. ඔබවහන්සෙට කියන්න තියන දෙයක් කියන්න කියන්න කියල පෙරුත්ත කළා...

ඔන්න ඊට පස්සෙ නායක හාමුරුවො කතාව කිව්ව.

“සර් ඒක පුදුම වැඩක්නේ එදා ඔබතුමා අපේ පන්සලේදි තේ බිව්ව මතකද? අන්න ඒ වෙලාවෙ ඔබතුමා කෑම කාපු පිඟාන තේ බීපු කෝප්පෙ වතුර බීල ඉතුරු කළ වතුර බෝතලේ එතන හිටපු මිනිස්සු මටත් නොකියා හොරෙන්ම අරන් ගිහිල්ලා ගෙවල්වල අල්මාරිවල දාගෙන ඉන්නවලු... ඉතින් මම ඒව තියන තැන් දැනගත්තත් දායකයන්ගෙ ආසවනේ කියලා සද්ද නැතුව ඉන්නවා... කියමින් හාමුදුරුවො කතාව ඉවරකළා.

ඒ කතාවට හිනාවෙන් පිළිතුරැ දුන් හිටපු ලොකු තැන නායක හාමුදුරුවන්ට අලුත්ම පිඟන් කෝප්ප සැට් එකක් තෑගි දෙන්න යනවා කියලා පස්සෙ ආරංචි වුණා.