2018 ජුලි 14 වන සෙනසුරාදා

අමුතු නියෝගයක්

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 507

අපි මේ කියන්නෙ කාකිසූට් අඳින ලොක්කෙක් ගැන... රටේ රහස් සොයන ඒවයෙ හොඳ නරක දන්න අංසයකට සම්බන්ධ මුන්නැහේට ළඟදි ඉඳලා රාජ ඌෂ්ණෙ ගහලා පොඩිසෙන්ලට දෙන්නෙ මාර නියෝගලු...

මුන්නැහේ දෙන පුදුම සහගත නියෝග නිසා ඒවා ක්‍රියාත්මක කළයුතු අයත් අන්දමන්ද වෙලා ඉන්න බවයි ආරංචි. 

ඊයේ පෙරේදා ඉඳලා මෙයා නීතියෙ හැටියට තියන සිවිල් වැඩ අපරාධ වැඩ බවට පත්කොරන්න කියල රතු නිවේදනයක් දුන්න කියල තතු දත් අය කියනවා.

ඉතින් කවදාවත් නීතියට පිටින් වැඩ කරලා නැති සාධාරණ නිලමෙලා මේ නියෝගය නිසා අසරණ වෙලාලු ඉන්නෙ. අනික් කාරණේ උන්නැහේට මේවයෙ සැබෑ නීතිමය තත්ත්වය පහදා දෙන්න ගියාමත් මල පනිනවලු එච්චර විතරක් නෙවෙයි මෙයා ආණ්ඩුවෙ ඉහළ තැන්වල සමහරැන් අඳුනන නිසා පොඩි‍යෙන්ල තවත් බයවෙලාලු ඉන්නෙ... 

මේ විදියෙ වැරදි නියෝග ඉෂ්ඨ කළොත් කවදාහරි රස්සාවෙන් ජීවත් වන තම තමන්ට කන්න වෙයි කියල කසුකුසු ගාපු පොඩි‍යෙන්ලට මේ අවනඩුව කියාගන්න බැරැව අසරණ තත්ත්වයට පත්වෙච්ච බවයි ආරංචි.