2018 ජුලි 14 වන සෙනසුරාදා

ටෙලිෆෝන් බයිස්කෝප් එපාලු

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 515

අලිපාටියේ නළු අලි පැටියගේ දුරකතන බයිස්කෝප් ගැන පසුපෙළේ අලි පැටවුන්ට යකා ඇවිස්සිලලු ඉන්නෙ. එයාලා ආසනවලට ගියාම අලි පාක්ෂිකයෝ හිනා වෙනවා කියලා පසුගිය දවසක පසුපෙළේ ඈයෝ කතා වෙද්දී එක එක්කෙනා කිව්වලු. මේ අතර හිටිය ගොඩාක් දෙනෙක් කිව්වලු එක්කෙනෙක් කොටි ඕන කියලා පක්ෂය කෑවා. මෙයා බයිස්කෝප් පෙන්නන්න ගිහින් පක්ෂය කනවා කියලා. අන්තිමට හැමෝම තීරණයකට ආවලු කොටියා නැගිටින්න ඕන කිව්ව එක්කෙනාට කරපු වැඩේම මෙයාටත් කරන්න. 

ඔන්න සැට්එක ලබන සතියේ පාටියෙ ලොකුමහත්තයා හම්බවෙන්නලු යන්න ඉන්නෙ. කට්ටිය ගිහින් කියන්න ඉන්නෙ නළුකම එළියෙන් තියාගන්න පාටිය ඇතුළේ රඟපාන්න දෙන්න එපා කියලලු එහෙම වුණොත් මිනිස්සු ඊළඟ පාර අලි ඔක්කොම ගෙදර යවයි කියලත් අනතුරු අඟවන්න යන බව ආරංචියි.