2018 ජුලි 07 වන සෙනසුරාදා

පිටිපස්සේ දොරෙන් මාරු

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 619

16 දෙනාගේ කණ්ඩායම ඒකාබද්දෙට සැට් වෙන්න  ගියා.... ඔන්න එතෙන්ට මෙපමණ කල් 16 දෙනාව පතුරු ගහපු ගම්පහ රණකාමී මන්තිරිතුමත් ඇවිත් හිටියා.

හිටපු ලොකු තැන මේ දෙගොල්ලන් අතරේ සමගි සන්ධාන ඇති කරන කතාවක් කාරිය කරලා මාද්දිය කස්ටියටත් ඇතුළට එන්න කිව්වේ එකමුතුකම රටටම කියන්නයි...

ඔන්න මාද්දිය කස්ටිය මීටින් කාමරේට ආවා. ඒ අයට හිටපු ලොකු තැන කිව්වේ ගම්පහ පැත්තේ රණකාමී මන්තිරි තැන හොඳට පෙන්නන්න උන්නැහේ එක්ක කතා කරන්න කියලයි...

රැස්වීම ඉවරවෙනකන් මාද්දිය කස්ටියක් දත කට මැදගෙන බලාගෙන හිටියා. ඒත් රණකාමී මන්තිරිතුමා ඉදිරි දොරෙන් එළියට ආවේ නැතිලු.

ඊළඟට මාද්දියේ උදවිය මොකද කියලා හොයලා බැලුවා... බැලින්නම් උන්නැහේ හිටපු ලොකු තැනගේ මීටින් කාමරේ පිටිපස්සේ දොරෙන් යන්න ගිහිල්ලා...

එහෙම යන්න කලින් තමන්ගේ දේශපාලන සගයන්ට කිව්වලු ඉස්සරහා දොර ළඟ මීඩියා කස්ටිය ඉන්නේ මම අල්ලගන්නයි. ඔයගොල්ලෝ මගෙන් ඊයේ පෙරේදා කියපු කතා අද නැත්තේ මොකද කියලා අහන්නයි යන්නේ. ඒවට උත්තර දෙන්න ගියොත් මම අමාරුවේ.. ඒ හින්දා පිටිපස්සෙන් යන එක ගුණයි..

එහෙම කිව්ව උන්නැහේ පිටිපස්සේ දොරෙන් අන්තර්දාන වුණ බවයි තතු දත් අය කියන්නේ.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00