2018 ජුලි 07 වන සෙනසුරාදා

කාඩ් කුට්ටම ආයෙත් අනයි

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 540

ආයෙත් කැබිනට් කාඩ් කුට්ටම අනන්න යනවය කියලා ඉහළම මන්දිරේක කසුකුසුවක් ගියා.... මේ පාර අහන්න යන්නේ අලි පාටියේ පට්ටම් සැට් එකක්ලු...

පසුගිය කාලේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හරියට ක්‍රියාත්මක නොකළ අයත් අකාර්යක්ෂම වියපත් එක්කෙනෙක් දෙන්නෙකුටත් මාරැවීම් ලැබෙන හැඩ පේන්න තියෙනවා.... උතුරේ අර්බුදකාරී කතාවක් කරපු කලා නෝනාගේ රාජ්‍ය පට්ටමත් වෙන කෙනකුට දෙන්න ඕන කියලා ආණ්ඩුවේ ලොකු මහත්තයා අදහස් කරනවලු. ඒකටත් කෙනෙක් හොයනවලු.

කොහොමහරි රජයේ පිළිවෙත නොසලකා තමන්ගේ පවුලේ සුදුසුකම් නැති උදවිය තනතුරුවලට දාපු ඇමැති සයිස් මහත්තයකුටත් ආගමික කටයුත්තක් භාර උන්නැහේ කෙනෙකුටත් ස්විප් එක ඇදෙන්න යනවය කියලා තදින් කතාවක් යනවා....

දැනට අත පාටියෙන් කවුන්සිලේ මෛත්‍රීතුමා සරණ ගිය 23 දෙනාගෙන් පට්ටමක් නැත්තේ එකම එක්කෙනාටයි. ජය - තිලකයක් වගේ ඉන්න උන්නැහේට පට්ටමක් දීම ගැනත් රටේ ලොකු මහත්තයා සලකා බලන්න පුළුවන් කියන කතාව...
කොහොමින් කොහොමහරි ජූලි මාසේ ග්‍රහ මාරැ ආදියෙන් පස්සේ මේ කාඩ් කුට්ටම ඇනිල්ල වෙන්න පුළුවන් බවයි ආරංචි.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00