2018 ජුලි 07 වන සෙනසුරාදා

කවුරුත් නොදත් පුවතක්

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 532

තමන්ගේ කතාවකින් අලි පාටිය අමාරුවේ දාපු කලා නෝනාගේ ඇමැති පට්ටම ගලවන්න කියලා අලි පාටියෙන් උපදෙස් දුන්න බවට මුලින්ම මාධ්‍ය ගණනාවක පුවතක් පළ වුණාලු...

මේ පුවත පළවූ සැණින් මහා මන්දිරේටයි අරලිය මැඳුරටයි දුරකතන ඇමතුම් පිට ඇමතුම් ඇවිත් කතාව ඇත්තද කියලා අහන්න ගන්න...

බැරිම තැන රටේ මහ මැඳුරේ ඉන්න පොඩි නිලමෙලා ගිහිල්ලා රටේ ලොකු මහත්තයාගෙන්ම මේක ඇහුවම උන්නැහේ එහෙම දෙයක් දන්නේ නැහැ කීවලු..

ඊළඟට අලි පාටියේ ලොකු මහත්තයාගෙනුත් කස්ටිය මේ කතාව ගැන ඇහුවලු. උන්නැහෙත් කිව්වේ එහෙම තීන්දුවක් නැති වගයි..

ඊට පස්සේ රටේ ලොකු මහත්තයයි දෙවැනි මහත්තයයි මේ ගැන නොයෙක් තැන්වලින් තොරතුරු විමසලා බලනකොට දේශපාලන හේතු මත ඒක නිර්මාණ කළ පුවතක් බව දැනගත්තලු. ඒ වුණත් ඊට දවස් දෙකකට පස්සේ කලා නෝනා ඇත්තටම අස් වුණා. ඒ නිසා යන්තම් මුලින් බොරු පුවතක් මැවූ අයගේ ජාම් බේරුණා.