2018 ජුනි 30 වන සෙනසුරාදා

ඒක ජ්‍යොතිෂ හේතුවක්ලු

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 994

අලි පාටියෙන් ඉදිරි මහපුටු ඡන්දෙට එන්නෙ කව්ද කියන එක ගැන එක එක තැන්වල මැතිඇමැති ගොල්ල එක එක කතා කියනව...

දැන් ඉන්න ලොකු මහත්තය ඊළඟ වාරෙත් මේ සටනට එන බවයි පක්ෂයේ ලේකම් සයිස් මහත්තයල කියන්නෙ.

තවත් අය දෙවැනි මහත්තය වන සජීතුමා ගැන කියනව. ඒත් උන්නැහේ නම් මේ පාර මහපුටු සටනට ඒ හැටි සූදානමක් නැහැ කියලයි තතුදත් අය කියන්නෙ...

ඒ ගැන හාරා අවුස්සපු සමහර උදවිය උන්නැහේ සටනට නොඑන්න හේතුවත් සොයාගෙන. ඒක ජ්‍යොතිෂ හේතුවක් කියලයි ඒ පැත්තෙන් ආරංචි. දශා මහ දශා ඒරාෂ්ඨක අතුරුදශා ගැන හුඟක් උනන්දුවෙන උන්නැහේ තමන්ගේ තීන්දුව ප්‍රමාද කරමින් සිටින නිසා පක්ෂයේ පසුපෙළ රුඩිකල් මල්ලිල ඔන්න ආයෙමත් පොදු අපේක්ෂක කතාවක් එළියට අදිමින් ඉන්නවලු... කරැතුමා රණවකතුමා ආදින්ගෙ නම් කියවෙන බව ආරංචියි. ඒත් ඉතින් තනි අලියකු මිසක් පොදු අලියකුට අත උස්සන්නෙ නැහැ කියන පිරිසකුත් අලි පාටියෙ සද්ද බද්ද කරන වග අපට ආරංචියි...