2018 ජුනි 30 වන සෙනසුරාදා

පසුපෙළ කට්ටිය ආසයි බයයිලු

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 447

අලිපාටියේ පසුපෙළ අලි පැටව් පාටියේ උඩින්ම ඉන්න ඇමැති සයිස් අලියෙක් ගැන මේ දවස්වල ඉන්නේ ලොකු තරහකින්. ඒකට හේතුව අලි පාටියේ ලොකු උන්නැහේට දෙන යෝජනා ඉල්ලීම් ඔක්කොටම කැපිලි කෙටිලි දාන්නේ මේ ලැයිස්තුවෙන් ආපු අලියා කියලා කට්ටියටම ආරංචි වෙලාලු.

මේ පොඩි අලි පැටව් එක්ක එකතුවෙලා පක්ෂයේ ලොකු මහත්තය වැඩ කරන්න ලෑස්ති වුණත් මේ ජාතික ලැයිස්තු අලියා ඒකට බාල්දිය පෙරළනවා කියලත් දැන් කට්ටියටම ආරංචි වෙලා. මේ නිසා පහුගිය දවසක පොඩි අලි පැටව් ටික එකතුවෙලා මේ ලැයිස්තුවෙ මහ අලියා ගැන කතාකළේ පුදුම කලකිරීමකින්ලු.

අන්තිමට මේ කතාවේ අවසානය වුණේ අලි පාටියේ නායක තැනට මේ මහ අලියගේ වැඩ ගැන ලිපියක් බාරදෙමු කියලා. හැමෝම ඒකට එකඟ වුණා. ඒත් කට්ටිය විසිරිලා යනකොට කතා වුණාලු අර මහ අලියා කීයක් හරි විසිකරලා මේ රහසත් කාගෙන් හරි අහගනී කියලයි. දැන් කට්ටිය වැඩේ දෙන්න ලෑස්ති වෙලා හිටියට ඉන්නේ බයෙන්ලු. මොකද වැඩේ පත්තු වුණොත් ගොඩක් දෙනෙක්ට පක්ෂයෙන් එළියට යන්න ටිකට් එක ඇදෙයි කියලා. කවදත් අලිපාටියෙ දේශපාලන වික්‍රමයන් කරන මේ අලි ඇමැති ප්‍රබලම චරිතයක් වෙච්ච නිසා තමයි මේ හැමෝම බයෙන් ඉන්නෙ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00