2018 ජුනි 23 වන සෙනසුරාදා

මඟුල් ගෙදර ගියාද?

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1134

මේ දවස්වල ආන්දෝලනේට ලක්වෙලා තියන බැඳුම්කර පවුලෙ එකම පුත්‍රයගෙ විවාහ මංගල්ලෙ යුරෝපෙ බොහෝම ප්‍රසිද්ධ රටක ප්‍රකට හෝටලේක ළඟදී තිබුණ බවට විපක්ෂයෙ ඉන්න සහෝදර මන්තිරි කස්ටියකට තොරතුරු ලැබිල...

මේ පවුලෙ එකම පුත්‍රයගෙ අතගත්තෙ සුදු ජාතික තරුණියක්ලු... මේ මහා මංගල්ලෙට ලංකාවෙ ඉන්න එයාගෙ පවුලෙ උදවිය හුඟදෙනෙක් සහභාගි වුණ බව මුහුණු පොතේ තිබුණාලු...

ඒකට නොගියෙ දැනට වැලිකඩ ඉන්න උදවියත් රට ගමන් තහනමකට මුහුණ පාල මේ දවස්වල පූරුවෙ කරැම දෝෂයක් ගෙවමින් “අපූරු” රටක ඉන්න අර්ජුන ශූරීනුත් පමණලු.

ඉතින් මේ තොරතුරු විපක්ෂ කස්ටියට දුන්න අය තවත් නොයෙක් කරුණු කාරණාත් කියල තිබුණලු...ඊට පස්සේ මේ මහා මංගල්ලෙට ලංකාවෙන් ගිය දේශපාලුතුමාල ඉන්නවද කියල දැන් මහා සොයාබැලීමක් පටන් අරන් කියලා ආරංචියි...

ඒ සොයාබැලීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ දේශපාලන ඔත්තුකරැවන්ගේ සහයත් ඒකාබද්දෙ කස්ටිය අරගෙනලු. එහෙම කවුරු හරි ගියා නම් ඒ අයගෙ නම්ගම් ළඟදිම එළියට එන්න පුළුවන් කියලා කියැවෙනවා.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00