2018 ජුනි 23 වන සෙනසුරාදා

බර බරයක් නිසා හමුව කැන්සල්

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 511

16 කණ්ඩායම පසුගියදාක විශේෂ හමුවකට කෙනකුට ඇරුයුම් කළා. ඒ හමුව පවත්වන්න නියමිත වුණේ පුංචි බොරැල්ල පැත්තෙ දේශපාලුතුමෙක්ගෙ නිවසේ...

උන්නැහේල මෙහෙම හමුවෙන්න සැලැසුම් කළේ රටේ ලොකුම පුටුවකට තරගයක් දෙන්න යනවය කියන හිටපු ලේකම් සයිස් මහත්තයකුටලු... ඉතින් හමුව පවත්වන්න සේරෝම සැලසුම් කරලා තියෙද්දි අන්තිම මොහොතෙ හමුව කැන්සල් කරන්න සිද්ධ වුණාලු..

ඒ ගැන එක් එක්කෙනා නොයෙක් කතා කියන්න ගත්ත.. ඒත් ඇත්තටම මේ හමුව දැන්ම කරන්න එපා කියලා හිටපු ලේකම් තැනට තමන්ගෙ පවුලෙ ලොකුම කෙනෙක්ගෙන් ලැබුණ උපදෙස් මත හමුව කැන්සල් වුණ වගයි තතු දත් අය කියන්නෙ...

මෙබඳු හමුවක් ගැන මාධ්‍යවලත් පුවත් පළවෙලා තිබියදී 16 දෙනා මහත් බලාපොරොත්තු තියාගෙන හිටපු හමුව අවලංගු කළේ ඒක ගැන පොහොට්ටුවෙන් ඇදපු වලිය නිසාය කියලත් සමහරු කියනව...

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00